දහවන පරිච්ඡේදය (2 කොටස)

274 39 20
                                    

Porsche's Pov

හයියෙන් කෑ ගහන සද්දයක් මුළු ආපනශාලාව පුරාම දෝංකාර දුන්නත් ඒකට එතන තිබුන අවුල් සහගත තත්ත්වය ටිකක් වත් අඩු කරන්න නම් පුළුවන් වුණේ නැහැ......!

මේ කරපු දේ වැරදියි කියලා මම දන්නවා.....! උන් තමයි හැම වෙලාවෙම මේ වගේ දේවල් මුලින්ම පටන් ගන්නේ.
ඉතින් මං කොහොමද ඒවා ඉවසලා ඉන්නේ.....?

"හැමෝම....! හැමෝම නවත්තනවා....!! මේ දැම්ම ඕක නැවැත්තුවේ නැත්නම් මං උඹලා ඔක්කොටම නඩු දානවා...!!!"

වයසක උයන ගැහැණු කෙනා කෑගැහැව්වා.

තවත් බොඩි ගාඩ්ලා කිහිප දෙනෙක් අපිව එකිනෙකාගෙන් ඉවතට ඇද ගත්තා.

"උඹ තමයි, ඒක පටන් ගත්තේ පිස්සු අවජාතකයා...!!"

මං ඌට කෑගැහැව්වා.

ඒත් එක්කම මට දැනුනා කවුරු හරි මාව එතනින් එළියට ඇදගෙන යනවා.
ඒ යන අතර මගදී මම උන්ගෙන් ගැලවෙන්න කොච්චර උත්සාහ කරත් උන් මාව තදින් අල්ලගෙන හිටියා.

මේ අවජාතකයො ටික දෙවැනි තට්ටුවට යනකොට ඉතින්, මම දැනගත්තා යන්නේ කොහෙටද කියලා.

Kinn ගෙ කාමරේ දොර ලඟ හිටගෙන ඉද්දී මගේ තරහ නිකංම නැතුව ගියා.

දොර ඇරපු උන් ටික මාව ඇතුලට ඇදගෙන ගියා.....!

"Mr. Kinn, ඔයාගෙ බොඩි ගාර්ඩ් ආයෙත් තවත් කෙනෙකුට ගැහුවා....!"

එකෙක් කිව්වා.

ඇහි බැම දෙකත් රැළි කරගත්ත මම ඌ දිහා බැලුවේ බයෙන්.

"ඕ.... හ්...! ඔයා එක මිනිත්තුවකට විතරයි එළියට ගියේ Porsche...."

Kinn කිව්වේ හරිම වෙහෙසකර හඬකින්.

"ඒත් ඌ තමයි ඒක පටන් ගත්තේ....!!"

තර්ක කරන ගමන්ම මම මූණ හරවල බැලුවේ මං දිහා බලන්නෙවත් නැතුව ඉන්න අර අපතයා දිහා.

"ඔයාට අඩු ගානේ එක දවසක්වත් හොඳින් හැසිරෙන්න බැරිද...?"

මං දිහාට ඇඟිල්ල දික් කරපු Kinn කිව්වේ, අර බූරුවො ගැන පොඩ්ඩක්වත් අවධානයක් යොමු කරන්නේ නැතුව...!

"ඇයි ඔයා ඔයාගේ මිනිස්සුන්ගෙන් අහන්නෙ නැත්තේ...?"

ඇයි එයා මට විතරක් වැරැද්ද පටවන්නේ? උන් තමයි මේක පටන් ගත්තේ...! ඒ මදිවට මගේ මුහුණටත් ගැහුවා....!!

KinnPorsche Where stories live. Discover now