හයවන පරිච්ඡේදය (2 කොටස)

260 40 12
                                    

Porsche's pov

මම ගැඹුරින් හොඳට හුස්මක් ගත්තෙ මේ ඇතිවුන තත්ත්වයෙන් මං තවමත් හොඳටම තිගැස්සිලා, බය වෙලා ඉන්න නිසා.....

මං දිහා බලාගෙන හිටපු ඒ මිනිහගේ ඒ බැල්මට මන් ඇත්තටම බය වුණේ ඒ බැල්ම මම මීට කලින් කවදාවත්ම දැකලා නැති නිසා....
හරිම බය හිතෙන විදිහට මං දිහා ඒ බලාගෙන හිටපු විදිහ නිසාම මට හරියට හුස්ම ගන්නත් බැහැ වගේ. මගේ වටේ තියන ඔක්කොම නිකං ගල් වෙලා වගේ.....

මන් තුෂ්නිම්භූත වෙලා වගේ බලාගෙන හිටියේ දැන් මේ මගේ ඉස්සරහ ඉන්න මනුස්සයා මං මීට කලින් දැකලා තිබුණ මනුස්සයාගේ විදිහට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් නිසා.....
කවුරු හරි මාව අල්ලලා ආපහු සෝෆා එකේ වාඩි කරත්, මගෙ බෙල්ලෙන් දැනුන රිදිල්ලට මගේ භය තවත් වැඩි වුණා.

Kinn ගෙ දිග ඇඟිලි වලින් තද කරද්දී මගේ බෙල්ලේ දැනුන වේදනාවත් එක්ක මට හුස්ම ගන්න ලොකු අපහසුවක් දැනුනා. ඒක හරියට මාව ගිලිලා මැරෙන්න යනවා වගේ.

"ඇත්තටම මම දන්නෙ නැහැ ඔය දෙන්නා අතරේ මොකක්ද සිද්ද වුනේ කියලා...... කොහොම වුණත් මේ සිද්ධ වුන දේට මට සමාවෙන්න....."

ඒ ඇහුන ගැඹුරු කටහඬත් එක්කම මම ඒ පැත්ත බැලුවා.
ඕනම වෙලාවක මට මගේ සිහි කල්පනාව නැති වෙන්න පුළුවන් තත්වෙක තමයි මම ඒ වෙන කොටත් හිටියේ.
තාමත් මෙතන මොකක්ද සිද්ධ වෙන්නේ කියලා මට හරියටම තේරුම් ගන්න පුළුවන් තත්ත්වයක් තිබුණෙ නැහැ.
ඒ වෙනකොට මට තේරුන එකම දේ හරිම නිශ්ෂබ්ධ, ඒ වගේම බය හිතෙන විදිහේ මැදි වයසෙ වගේ මනුස්සයෙක් දැන් මගේ ඉස්සරහ ඉඳගෙන ඉන්නවා කියන එක විතරයි.

"මුලින්ම මේක බීල ඉන්න......."

මම වතුර එක ගත්තෙ දෙපාරක් හිතන්නෙ නැතුව. ඒ වෙනකොටත් මගේ උගුර කට වේලිලා තිබුනේ.
සීතල වතුර මගේ උගුර දිගේ පහලට යනවත් එක්කම මම චුට්ටක් ඇස් පියා ගත්තම මට ලොකු සහනයක් දැනුනා.

"ඔයා මට වැඩ කරන්න කැමති නැහැ කියලා මට ආරංචි උනා...?"

මම ආපහු ඔලුව උස්සලා මගේ ඉස්සරහ හිටපු මනුස්සය දිහා බැලුවා. මේ මනුස්සයා ඉඳගෙන ඉන්න විදිහයි, කතා කරන විදිහයි බැලුවම නම් පෙන්නේ එයා තමයි මෙතන ඉන්න බලවත්ම කෙනා කියලා.... මං හිතන්නේ මේ ඉන්නේ Kinn ගෙ තාත්තා වෙන්න ඕන.....

KinnPorsche Where stories live. Discover now