සිව්වන පරිච්ඡේදය

385 47 11
                                    

Kinn's pov

කණ්නාඩිය ඉස්සරහ හිට ගත්ත මම මගේ බෙල්ල දිහා බලනකොට කණට පහලින් මගේ බෙල්ලෙ රතු පාට උන දත් පාරක් තියනවා මම දැක්කා.
චුට්ටක් ලේත් එනවා. ඒ වටේ ටිකක් තැලිලා වගේ දම් පාටත් වෙලා.

මගේ ගාඩ් කෙනෙක් වෙන Big පුළුන් කෑල්ලකින් තුවාලෙ පිරිසිදු කරන ගමන් මට මෙහෙම කිව්වා.,

"Mr. Kinn, ඇත්තටම ඔයා ඒ මනුස්සයව ඔයාගෙ බොඩිගාර්ඩ් කෙනෙක් විදිහට ගන්න ද හදන්නේ..?"

Big මගේ තුවාලෙ දිහා බලලා හුස්මකුත් පිට කරා.

"ඒ යකා අද ඔයාට මෙහෙම කලානේ.... ඉවසලා ඉන්නකෝ හෙට වෙනකන්... ඔය අවජාතකයව මම ම හොයාගෙන මරලා දානවා."

"ඔයා එහෙම කලොත් නම් මුලින්ම තාත්තා ඔයාව මරල දායි.."

මම කිව්වා.

"ඒත් සර්, මැරෙන එක වැඩිය හොඳයි මෙහෙම ලැජ්ජ වෙනවාට වඩා....! ඌ ඔයාව දෙපාරක්ම මඟ දාලා ගියා. ඒ මදිවට දැන් ඔයාගෙ බෙල්ලත් හපලා. ඇත්තටම කැළෑ සතෙක් වගේ ඉන්න ඕකව කොහොමද ආං බාං කරන්නේ..? "

මම Big දිහා ටිකක් තද බැල්මකින් බලනකම්ම එයා ඔය විදිහට මුමුණ මුමුණ හිටියා. ඊට පස්සේ එයා නිශ්ශබ්දව තුවාලෙ සුද්ද කරන්න ගත්තා.

ඇත්තටම කිව්වොත් අපේ තාත්තට තමයි ඒ බූරුවා ව මගේ ගාඩ් කෙනෙක් විදිහට අර ගන්න ඕන උනේ. බාර් එක පිටිපස්සෙ සීසීටීවී රෙකෝඩ් බලපු තාත්තා මාව පැහැරගෙන දවස් තුනක්ම තියාගෙන හිටපු ඒ පරයන්ව අල්ල ගත්තා.

ඒත් එක්කම එයා අර කොල්ලගෙ පුදුම හිතන තරම් වෙන සටන් හැකියාව ගැනත් හොයා ගත්තා.

කොහොමත් ඉතින් එක දිගට දවස් දෙකක්ම මිනිහා මාව බේර ගත්තනෙ. ඒත් ඉතින් ඇත්තම කිව්වොත් එයා ඒක නිකම්ම කළේ නෑ. මම මගේ තියෙන ගනන්ම ඔරලෝසුවකින් ඒ යකාට ගෙව්වෙ.

"ගිහින් එයාව හොයාගන්න, එහෙම නැත්තං ඔයාට වෙන්නේ හැම වෙලේම හතුරන්ගෙන් ගුටි කන්න. ඒ කොල්ලා වැරදි මිනිස්සුන්ගෙ අතට ගියොත් අපිට ඒක ලොකු කරදරයක් වෙනවා. ඒ ළමයා හොද වත්කමක්.."

මගේ තාත්තාගේ වචන මගේ ඔළුවේ තිබුණා. එයා ඇත්තටම හරි. ඒ කොල්ලගෙ නියම ඇඟයි, සුපිරි ෆයිටිනුයි එක්ක ඉතිං අර චණ්ඩි ගෙන් හොඳම එකාට වත් එයාව අල්ල ගන්න බැරි උනා නේ.

KinnPorsche Where stories live. Discover now