එකොළොස් වන පරිච්ඡේදය (1 කොටස)

336 35 16
                                    

Kinn's pov

මගේ මෝඩ අයියා Pete වෙනුවට Porsche ව අරන් ගිය එක ගැන නම් මට හිනා ගියා....

දෙන්නගෙන් එක්කෙනෙක් පට්ට කරදරකාරයෙක්......! අනික ගැන කිව්වොත් ඉතින් ඌට සම්පූර්ණයෙන්ම පිස්සු....!!

ඒ ජෝඩුව එකට ඉන්න එක ගැන හිතුවමත් මට හිනා යනවා....!!

හැබැයි ඉතින් මේකෙ තියෙන ජොලිම දේ තමයි Porsche ට තර්ක කර කර ඉන්න වෙලාවක් ලැබුණෙ නැති එක....!

"ම්ම්ම්..... Mr. Kinn..., Porsche ට අද රෑ වැඩ කරන්න පුළුවන් වෙයිද?"

Pete හරිම නිහතමානීව ඇහුවා.

"ඇයි එහෙම අහන්නේ....?"

Tae, Mew දෙන්නත් එක්ක ඔන්ලයින් ගේම් එකක් සෙල්ලම් කරන ගමන්ම මං ඇහුවා.

"ඇත්තටම අද මගේ නිවාඩු දවස."

Pete හරිම මෘදු කටහඬකින් කිව්වේ මගේ ඇස් මග හරින ගමන්.

"එහෙනම් ඇයි ඔයා දැන් මෙතන ඉන්නේ....?"

කම්පියුටර් එකෙන් ඇස් අහකට අරන් Pete දිහා බලන ගමන් මං ඇහුවා.

"Mr. Vegas එක්ක Mr. Macao අද මෙහෙ එනවා කියලා දැනගත්ත ගමන් Mr. Thanakhun ට එයාලට මොකක් හරි විහිළුවක් කරන්න ඕන උනා. ඉතින් බෑ කියන්න බැරි නිසා මම ආපහු ආවා.

Pete උත්තර දුන්නා.

හුස්මක් පිට කරපු මම ඊට පස්සේ Pete දිහාවට හැරුනා.

"ඔයා දැන් ගිහින් විවේක ගන්න."

Pete එයාගේ ගෞරවය පෙන්නන්න හිස පහත් කරලා ආචාර කරද්දි මමත් ටිකක් හිනා උනා.

ඔයාගේ ඔය හැසිරීම Porsche ට ලැබුන නම් Pete.....

"Mr. Kinn ට අද යන්න වෙන මුකුත් වැඩක් නැහැ නේද?"

උත්තර දෙන්න මම ඔලුව වැනුවා.

Porsche මගෙත් එක්ක ඉන්නවට වඩා මෙතැන වටපිටාව දැන් කොච්චර සාමකාමී ද.....?

අර මගේ මෙලෝ වැඩකට නැති අයියා Porsche ව අරන් යන්න තීරණය කරපු එක ගැන නම් මට මාර සහනයක් දැනුනේ.....!

"මම Big එනකං ඉන්නද Mr. Kinn...?"

"ඕන නෑ Pete. ඔයා යන්න. මං මෙතන ඉදන් වැඩ ටික බලාගන්නම්."

මම උත්තර දුන්නා.

මට ආචාර කරපු Pete ඊට පස්සේ කාමරෙන් එලියට ගියා.

KinnPorsche Waar verhalen tot leven komen. Ontdek het nu