නමවන පරිච්ඡේදය (1 කොටස)

248 32 25
                                    

Porsche's pov

මම නලළත් රැළි කරගෙන පිහිනුම් තටාකය අයිනට වෙලා හිටියා..... අද තිබුන විභාගය ගැන උනත් මගේ අවධානය තිබුණේ බොහොම යන්තමට. මට දැනුනේ හරියට මාව බිමටම තල්ලු වෙලා වතුරේ ගිලෙනවා වගේ උනත් මම තවම යහතින් ඉන්නවා.....!

ඊයේ රෑ මම මරල දාපු මාළු දෙන්නා ගැනමයි මට දිගටම කල්පනා වෙන්නේ.... ඊලඟට මොනව සිද්ධ වෙයිද කියලා මට තවම හිතාගන්න බෑ....!! ඇති වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නෙකට මම තවම ලෑස්ති වෙලත් නැහැ!!

පොකුණට එකතු වුන ආගන්තුක දියරයට සංවේදී වෙලා අර මාළු දෙන්නා මැරුණට පස්සේ, මටත් ඕන උනේ මං විහින්ම ගිලිලා මැරෙන්න....!!!

"මොකද නිකන් අවුලෙන් වගේ..?"

මං ලඟට පීනලා ආව Tem තටාකය ළඟ වකුටු වෙලා ඉඳගෙන හිටිය Jom ටයි මටයි එකතු වුණා....
එයාලා ටික වෙලාවක් මන් දිහා බලන් හිටියා.

Jom ගෙ ශරීර සෞඛ්‍ය තවමත් හොඳ නැති නිසා, එයාට අද පිහිනුම් විභාගයට සහභාගි වෙන්න බැරි වෙන එක ගැන අනිවාර්යයෙන්ම ලිඛිත වාර්තාවක් මහාචාර්ය වරයාට ඉදිරිපත් කරන්න වෙයි....

"මොන මගුලක්ද මන්දා....! මගේ කාලය කොහොමද...? කොහොම උනත් මම දැක්කා මහාචාර්යතුමා ඔයාගේ ලකුණු අඩු කරනවා....!!"

මම ගැඹුරු හුස්මක් ගත්තා. ඒකෙන් එයාලා තවත් කුතුහලයට පත් වුනේ, මම සාමාන්‍යයෙන් මගේ හැඟීම් කාටවත් පෙන්නන්නේ නැති නිසා.

ඒත් මේ වතාවෙ නම් මම ඇත්තටම මාර පීඩනයක ඉන්නේ.

" මම ඇත්තටම ලොකු අවුලක ඉන්නේ..."

පිහිනුම් තටාකය උඩට ඇවිත් Jom ගාවින් වාඩි වෙන ගමන් මම කිව්වා.

"මට කියන්න කෝ..... ඔයාට මුකුත් ප්‍රශ්නයක් ද..? සමහරවිට, මට උදවුවක් කරන්න පුළුවන් වෙයි....."

තවමත් වතුරෙ එහාට මෙහාට පිහිනන Tem දැක්කම මාව තවත් අවුල් වෙනවා....! ඒ අවජාතකයා තැඹිලි පාට පිහිනුම් තොප්පියක් දාගෙන පීනන කොට මට මතක් වෙන්නේ අර මාළුමයි බං.....!!!

මගුල....!!

බැරිවෙලාවත් මගේ අතින් ඔය වෙන කාගේ හරි මාළු මැරුණා නං, මට පුළුවන් සමාව ගන්න. ඒත් මම මරලා දාපු මාළු අයිති.... මාෆියා පවුලේ ආදරණීය ලොකු පුතාට....!!

KinnPorsche Where stories live. Discover now