අටවන පරිච්ඡේදය (2 කොටස)

233 37 28
                                    

Porsche's pov

සෝෆා එකටත් උඩින් පැනලා ආව Kinn බය වෙලා මං දිහා බැලුවා.

"ඇයි මොකද....?"

මං ඉක්මනටම උත්තර දුන්නා

"ඔය කෝපි මැෂන් එක පිච්චෙනවා.....!! ෂිට්....!!!"

මම හැරිලා කෝපි මැෂින් එක දිහා බලනකොට ඒකෙන් දුමක් එනවා මම දැක්කා.

මුලින්ම මම හිතුවේ ඒ තෙල් මොනවා හරි පිච්චෙන ගඳක් කියලා.... ඒත් දැන් ඒකෙන් විදුලිය කාන්දු වෙලා එතන පොඩි ගිනිකෙළි සංදර්ශනයක් වගේ.

මම හිටගෙන අර අසරණ මැෂින් එක දිහා බලාගෙන හිටියා.

"මොන හුත්තක්ද ඕයි කරන්නේ....?? ඔය ස්විච් එක ඕෆ් කරනවා...!!!"

Kinn කෑගැහුවේ ඉක්මනින්ම දොර විවෘත කරලා මට නිවන්න බැරි උන ස්විච් එක නිවන්න කියලා එයාගෙ මිනිස්සුන්ට අණ කරන ගමන්.

"ඒක කොහෙද තියෙන්නේ....?"

මං උත්තර දුන්නේ බය වෙලා ස්විච් එක හොයාගන්න උත්සහ කරන ගමන්.

ඉඳගෙන හිටපු තැන් වලින් නැගිටපු Kinn ගෙ ඒ යාළුවො තුන් දෙනෙක් දොර ළඟට දුවල ගිහින් උදව් ඉල්ලලා කෑ ගහන්න ගත්තේ හරියට නිකන් පිස්සු හැදිලා වගේ.....

මේ හුත්තෙ ස්විච් කොයි ලෝකෙද මන්දා..... මේ ඝන දුමාරෙත් එක්ක මට මොන රෙද්දක් වත් පේන්නෙත් නෑ....

"Time....., ගිහින් ස්විච් එක හොයාගන්න...! හොයාගත්ත ගමන් ඒක නිවන්න..."

Kinn එයාගෙ එක යාලුවෙකුට කිව්වා.

මොන හුත්තක්ද මේ යකා කියවන්නේ...? ඔව් ඉතින්...., මගේ හුස්ම හිර කරන මේ දුමත් එක්ක කොහොමටවත් මට ඒක හොයාගන්න බෑ....!!

"ඒ මගුල කොහෙද තියෙන්නේ....?"

මං කෑගැහුවා.

"ෂීට්...!! තමුසෙගෙ ඇස් දෙක ඇරලා බලනවාකො ඕයි..!!!"

දුමෙන් පිරුණ කොරිඩෝවේ Kinn ගෙ කට හඬ දෝංකාර දුන්නේ ගිනි නිවන උපකරණ වල සද්දෙත් එක්කමයි.....

"Mr. Kinn...! Mr. Kinn...!! ඔයා හොදින්ද...??"

එළියෙන් කටහඬවල් ගොඩක් එකපාර ඇහුණා.

"විදුලි බලය විසන්ධි කරලා තියෙන්නේ Mr. Kinn....!"

තවත් කටහඬක් කිව්වා.

KinnPorsche Where stories live. Discover now