තුන්වන පරිච්ඡේදය

548 53 9
                                    

Porsches' pov

"ඊයෙ වගේ අදත් ඔයා මාව මෙතනින් හලලා යන්න ද හදන්නේ?"

ගොරෝසු කටහඬ එහෙම කිව්වේ මගේ කන ළඟින්ම ඉඳන්.

අද නම් ඊයේට වඩා එයාගෙ පෙනුම හොඳයි. ඊයෙ තුවාල උන පාරවල් එක්ක අදත් තුවාල උන පාරවල් තිබුනත් තාමත් එයාගේ පෙනුම නම් සුපිරි.

"ඔයා ඇයි ආපහු ආවේ?"

තව හයියෙන් ඇක්සලේටර් කරන්න කලින් සයිඩ් කණ්නාඩියෙන් එයාගේ මූණ බලන ගමන් මං ඇහුවා.

කළු ඇඳගත්ත මිනිහෙක් අපි පස්සෙන් එනවා මං දැක්කේ එතකොට.

හැබැයි මම අද හොඳට රෙඩි වෙලා හිටිය නිසා වැඩි අමාරුවක් නැතුවම බයික් එක ඕෆ් රෝඩ් පැදගෙන ගියා.

"හිමින් යන්න."

ගොරෝසු ටෝන් එකකින් එයා ආයෙම කිව්වේ මගේ ඉනෙන් තදට අල්ලන් ඉන්න ගමන්මයි. එයා මගේ පිටිපස්සෙන් මූණ හොඳට කවර් කරගෙන හිටියෙ හයියෙන් ඇවිත් මූණට වදින හුලං පාර එයාට කරදරයක් නිසා වෙන්න ඇති.

"හයියෙන් අල්ල ගන්න."

අපි පස්සෙ පන්නන උන්ව මග අරින්න තවත් වේගෙන් යන ගමන් මම එයාට කිව්වා.

"ඕ.. ඕයි.. මම තාම පණපිටින්...!"

වටපිට බලන ගමන් Kinn කිව්වා.

අපි පස්සේ තවත් කවුරුත් පන්නන්නෙ නෑ කියලා හරියටම දැන ගත්තට පස්සෙ තමයි මම බයික් එකේ එන්ජින් එක ඕෆ් කරේ.

ඇත්තටම උන් කොහෙද මගෙත් එක්ක බයික් එක පදින්නේ. මගේ තමයි ඉතින් සුපිරිම ඩ්‍රයිවින් තියෙන්නේ.

මම පැනලා ආව පාර නම් හරිම සංකීර්ණයි. ගොඩක් වේගයෙන් එහෙන් මෙහෙන් හරවල මම උන්ව මග ඇරලා ආව නිසා උන්ට දැන්නම් අපිව අල්ලගන්න බෑ.

මෝටර් සයිකල් එක අපේ ගේ ඉස්සරහ නැවැත්තුවට පස්සේ මට නිකම්ම හුස්මක් හෙලුනා දැනුන සැනසිල්ලට.

"මේ අපාය කොහෙද?"

"මගේ ගෙදර."

මං ඇත්තටම මගේ ජීවිතේ විහින් කරදර වල පටලව ගන්න ඕන නෑ. ඒත් ඉතිං පැනලා යද්දි මම තෝරගෙන තිබුනෙ මට වැඩියම පුරුදු පාර. මං ඒක තේරුම් ගන්නත් කලින්ම මෙන්න මම අපේ ගේ ඉස්සරහ.

KinnPorsche Where stories live. Discover now