අටවන පරිච්ඡේදය (1 කොටස)

251 35 24
                                    

Porsche's pov

මගේ ජීවිතය ගැන මම ගත්ත තීරණය සම්බන්ධව ආයෙ ආයෙම කල්පනා කරමින් හිටිය මම ඊට පස්සේ Teerapanyakul ගෙදර රත්තරන් පාට ගේට්ටු වලින් ඇතුලට බයික් එක පැද්දා.

ඉස්සරහ හිටපු ආරක්ෂකයා මගේ නම අහලා ඊට පස්සේ පැත්තකින් මගේ බයික් එක නවත්වන්න කියලා මට සංඥා කලා.

මේ විශාල ගෙදර හැම අස්සක් මුල්ලක් නෑරම ඉන්න කළු පාට ඇඳගත්ත මිනිස්සු දිහා බලලා ඔහේ හූල්ලනවා ඇරෙන්න දැන් මට කරන්න වෙන කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ.

එයාලා වෙනුවෙන් වැඩ කරන්න එයාලට ඇයි මේ තරම් ලොකු පිරිසක් ඕන....? හැම මොහොතකම මේ තරම් ශක්තිමත් ආරක්ෂාවක් ඇතිව ඉන්න තරම්, මොන ජාතියේ ව්‍යාපාරද මෙයාලා කරනවා ඇත්තේ....?

කාමරේට ඇතුල් වෙනකොටම කිසිම හිතවත්කමක් නැති මූණු ගංගාවක් මාව පිළිගත්තා.
සමහර මිනිස්සු හරිම උනන්දුවෙන් මං දිහා බැලුවත්, සමහරු නම් මං ගැන කිසිම උනන්දුවක් දැක්වුවේ නැහැ.

එයාලා දිහා බලපු මම සෙනඟ අතරින් ඉඩ හදාගෙන ඉදිරියට ගියා.

"ඔහ්...! ඔයා දැනටමත් ඇවිත්නේ..... එන්න මගෙත් එක්ක....."

මම දොර ලඟට ගිය ගමන්ම එක අතක ලියවිලි වගේකුත්, අනිත් අතේ කෝපි කෝප්පෙකුත් තියාගෙන හිටිය P'Chan මට සුබ පැතුවා.

කාමර කිහිපයක් පහු කරගෙන ගිය අපි අන්තිමට ආවේ මම මීට කලින් ඇවිත් නැති තැනකට.

එතන තිබුණේ හරිම නිශ්ශබ්ද, බය හිතෙන, ඒ වගේම බොහොම බරැති වටපිටාවක්.

"ඇතුලට එන්න....."

රැස්වීම් ශාලාවක් වගේ මට පෙනුන කාමරය ඇතුලට P'Chan ගෙ පස්සෙන් මමත් ගියා.

ප්‍රක්ෂේපන යන්ත්‍ර, මේස, පුටු පවා බොහොම පිළිවෙළට පෙළට තියලා සූදානම් කරලා තිබුණා.

"හේයි..... තමන්ගේ ජේෂ්ඨයන්ට ආචාර කරන්න ඉගෙන ගන්නවා.....!"

පෙට්ටි වගයක් අරගෙන ඒවා මේස උඩ තියමින් හිටිය හාදයෙක් මට කිව්වා.

"ආහ්..... Sawadee Ka....!"*

මගේ දෑත් ඔසවලා මම කිව්වත් මේ පරිසරය නිසා, මම තවමත් පීඩනයකින් තමයි හිටියේ.

KinnPorsche Where stories live. Discover now