පලමු වන පරිච්ඡේදය

776 76 9
                                    


Porsche's pov

ඩිෂ්...! ඩිෂුම්...!

මම මං වැඩ කරන බාර් එක පිටිපස්සට වෙලා සිගරට් එකක් බොන කොට මට එක පාරටම ඇහුනේ පහර දෙන සද්දයක්. මගේ අතේ තියෙන ලොකු කුණු මල්ල කුණු බාස්කට් එකට දාන කොටම මම දැක්කා බිම වැතිර ගෙන හිටපු අසරණයෙකුට මිනිස්සු පස් හය දෙනෙක් වට කරන් හොඳටම ගහනවා. උන් මහ තිරිසන් විදිහට අතින් පයින් ගැහුවා.

සිගරට් එක බොන ගමන්ම මම මගේ bag එකත් හොඳට තදට අල්ල ගෙන අනිත් පැත්ත හැරුනේ මේ වෙන සිද්ධිය නොදැක්ක ගානට. බාර් එකේ වැඩ කරන අයයි delivery එන අයයි විතරක් යන එන මේ බාර් එක පිටිපස්සට වෙන්න තියන පොඩි පාරේ මම මේ වගේ සිද්ධි ඕන තරම් දැකලා තියෙනවා.

"තමුසේ නම් මාර පොරක්..."

එක අවජාතකයෙක් කිව්වා.

මම ඒ මුකුත් ගණන් ගන්නේ නැතුව බාර් එකේ පිටිපස්සෙ දොර අගුලු දැම්මා. වේටර් කෙනෙක් විදිහට කරන මගේ අර්ධකාලීන රස්සාව ඉවරවෙලා දැන් මම ලෑස්ති උනේ කෙලින්ම ගෙදර යන්න.

මේ වෙලාව වෙනකොට අපේ පාරිභෝගිකයෝ ඒ වගේම වටේ පිටේ ඉන්න අයත් සෑහෙන්න අඩු වෙන්න පටන් අරන්. සමහරු ටැක්සි එකක් එනකන් බලන් ඉන්නවා... තවත් සමහරු අහම්බෙන් වගේ කෙල්ලො තෝරනවා.. ගෙදර ගෙනියන්න.

ඒ වගේම තවත් සමහරු මේ මගේ පිටිපස්සෙ ඉන්න කෙනා වගේ රණ්ඩු වල පටලැවෙනවා.

ඇත්තටම මම නරක මනුස්සයෙක් නෙවෙයි. ඒත් මට කාගෙවත් දේවල් වලට මැදිහත් වෙන්න උවමනාවක් නෑ. මට නිකං කාටවත් ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ඕන නෑ.

මම උදව් නොකරන එක ගැන ඔයා මට කොයි විදිහට බැන්නත් ඒකෙන් මට කමකුත් නෑ.

මම දන්න එකම දේ මේ ගුටි කන මිනිහා මොකක් හරිම වරදක් කරලා ඇති. ඒ නිසානෙ ගුටි කන්න සිද්ද වෙලා තියෙන්නෙ.

"මට යන්න දීපන්..."

මම හැරිලා බලනවත් එක්කම කුණු ගොඩක් වගේ කිළුටු වෙලා හිටපු ඒ අසරණයා එයාගෙම ක්‍රමේකට සටන් කරන්න ට්‍රයි කරනවා මං දැක්කා.

මම ඉතුරු වුණු සිගරට් කොටෙත් බිමට විසි කරන ගමන් කම්මැලි විදියට ඉස්සරහට අඩිය තිබ්බේ නිශ්ශබ්දව මෙතනින් පිට වෙලා ගෙදරට යන්න. ඒත් කවුරුහරි මගේ ෂර්ට් එකෙන් අල්ලගත්ත නිසා මට නවතින්න වුණා.

KinnPorsche Where stories live. Discover now