හත් වන පරිච්ඡේදය (1 කොටස)

260 36 16
                                    

Porsche's pov

එක වාක්‍යක් ගානෙම හොඳින් කියවන ගමන් මං මගේ ඉස්සරහ තිබුන ලියකියවිලි දිහා බලාගෙන හිටියේ. ඒ වෙලාවේ මගේ ඉස්සරහා බොහොම නිවුණු පෙනුමකින් අර මනුස්සයා ඉඳගෙන හිටියා.
එතකොට අර හාදයා Kinn..... ඌත් හිටියා කකුලක් පිට කකුලක් දාගෙන, මට රවාගෙන එහෙම.
ඌව දැක්කත් ඌ දිහා නොබලා ඉන්න තරම් මං ගොඩක් පරිස්සම් වුනා.

මට ඕන වුණේ, මේසෙ උඩ තිබුන මල් පෝච්චිය අරගෙන උගේ ඔළුවට දමලා ගහලා මිනිහා බේරෙයිද? නැද්ද? කියලා බලන්න.
මේ වයසක මනුස්සයාගේ පොරොන්දු වුණ හරිම ආකර්ශණීය දීමනා ටිකයි, එයාගෙ වචනයි එක්ක මම මේ රස්සාව භාරගන්නේ නැහැ කියලා හිටපු ස්ථාවරය වෙනස් වුණා.

මේ මනුස්සයා නං හොඳ දක්ෂ බිස්නස් කාරයෙක් කියන එක මට පළවෙනි වතාවෙම හොඳට තේරුණා.

Mr. Korn, එහෙම නැත්තං සරලව කිව්වොත් Kinn ගේ තාත්තා බොහොම සාර්ථකව මට හැමදේම ඒත්තු ගැන්නුවා. රෑ ගෙවිලා ඉවර වෙනකොට ඔන්න මම ආපහු කලින් තැනම දැන් හිටගෙන ඉන්නවා.

ඒක හැම අස්සක් මුල්ලක් නෑරම ගණන් කරන්න බැරි තරම් බොඩි ගාඩ්ලා පිරිලා හිටිය මහා විශාල ගෙදරක්. කැසිනෝ අයිතිකාරයකුට එහෙම නැත්නම් රටේ ඉන්න ලොකුම ව්‍යාපාරිකයකුට ගැළපෙන විදිහටම මේ ගෙදර හරිම සුඛෝපභෝගී විදිහට හදලා තිබුණා.

"ඔයා හැමදේම එක්ක එකඟ වෙනවා නම්...... ඔයාට පුළුවන් මේක අත්සන් කරන්න."

ඒ ලියවිලි වල රක්ෂණාවරණයක් ගැනත් විස්තර තිබුණා. රාජකාරියේදී මම මැරුණොත් රක්ෂණ මුදල් කාටද අයිති වෙන්නේ කියන එකත් එකේ සදහන් කරලා තිබුණා.
අම්මෝ...... ඒ වාක්‍යය කියවද්දිත් මට නිකං කරකැවිල්ල වගේ...

ඒත් ඉතිං මං මොනවා කරන්නද....? ඊට අමතරව ගෙදරට ඇතුළු වෙනකොට, ඒ වගේම පිට වෙනකොට අපි අනුගමනය කරන්න ඕන නීති - රීති, රෙගුලාසි මහා ගොඩක් ඒකේ සඳහන් කරලා තිබුනා.

◾සියලු අවි ආයුධ නිසි පරික්ෂා කිරීම් වලට යටත් කිරීම අනිවාර්යය වේ.

◾සෑම සේවකයකු උදෙසාම අවම වශයෙන් වසරක සේවා කාලයක් අනිවාර්ය වන අතර, ගිවිසුම් කඩ කිරීමට එරෙහිව බාත් ලක්ෂ දෙකක දඩ මුදලක් අය කරනු ලැබේ.

KinnPorsche Where stories live. Discover now