හයවන පරිච්ඡේදය (1 කොටස)

298 43 4
                                    

Kinn's pov

මම කකුලක් පිට කකුලක් දාගෙන දෙපැත්තෙන් අත් දෙකත් තියාගෙන සෝෆා එකේ වාඩිවෙලා හිටියේ, මකර මෝස්තරය කැටයම් කරපු ලී දොර දිහාම බලාගෙන.
මගෙත් එක්ක මේ වෙනකම්ම කඹ ඇදපු කෙනෙක් වෙනුවෙනුයි මම මේ බලාගෙන ඉන්නේ.

"එයා ඇවිත්...."

දොර අරින ගමන් Big කිව්වා.
උස රූපයක් දොරෙන් ඇතුළු උනේ හොඳට වටපිට බලන ගමන්. සුදු පාට ෂර්ට් එකට යටින් ටැටු එක හරිම ලස්සනට පෙනුන නිසාම මම තත්පර කීපයක් ඒ දිහා බලන් හිටියා.
එයාගෙ ඇස් වටපිටාව හොඳට නිරීක්ෂණය කළා.

"ඉඳ ගන්නවා..."

Big එයාගෙ උරහිස් වලින් පහළට තද කරේ මගේ ඉස්සරහා තිබුන සෝෆා එකේ එයාට ඉඳගන්න බල කරන ගමන්.

කාමරය පුරාම තිබුණේ පුදුම නිශ්ශබ්දතාවයක්. මම ඇරුනම වෙන කිසිම කෙනෙක් කතා කරන්න තරම් නිර්භීත වුණේ නෑ. අහක බලන්නේ නැතුව අපි දෙන්නම එකිනෙකා දිහා එක දිගට බලාගෙන හිටියා.

"ඔයාට මොකක්ද වෙන්න ඕන...?"

Porsche ඇහුවෙ බොහොම මෘදු හඬකින්. එයාගේ ඇස්වල තිබුණ ආත්ම විශ්වාසය කවදාවත් නැති විදිහට අඩුවෙලා කියලා මට පෙනුණා. කලුපාටින් ඇඳලා මූණත් වහගෙන පිටි පස්සේ හිටිය බොඩිගාඩ්ලා දිහා එයා බැලුවේ බය වෙලා වගේ.

"ඇවිත් මට වැඩ කරන්න..."

මම එයා දිහාම බලාගෙන හිටියා.

"බැහැ..."

එයා කිව්වේ ගොරෝසු කටහඬකින්.

"හහ්.... ඔයා, මම හිතුවටත් වඩා ගොඩක් මුරණ්ඩුයි නේ....."

මම හිනා උනේ එයගෙ හැසිරීම ගැනයි ආකල්ප ගැනයි හොඳට හිතන ගමන්....

Porsche කියන්නෙ හරිම මුරන්ඩු ඉක්මනට තරහා යන කෙනෙක්. නමුත් තමන්ගේ හිත ඇතුලෙ තියෙන හැඟීම් හංඟගෙන ඉන්න හදන කෙනෙක්. මට එයාගෙ අභ්‍යන්තරය හොඳට තේරුම් ගන්න පුළුවන්.
තවම මගේ වයස අවුරුදු විස්සක් විතර වුණාට මට හොඳට මිනිස්සු තේරුම් ගන්න පුළුවන්.

"ඇයි...? ඇයි ඔයා මෙහෙම කරන්නේ...?"

"හහ්..... මං මොනවද කළේ.....?"

KinnPorsche Where stories live. Discover now