නමවන පරිච්ඡේදය (2 කොටස)

258 32 16
                                    

Porsche's Pov

ඌත් එක්ක සටන් කරන්න තරම් මට ශක්තියක් ඇති කියලා නම් මං හිතන්නේ නැහැ....!
ඒත් උගෙන් ගැලවෙන්න මම උත්සාහ කරා. ඒත් එක්කම මගේ අත දිගේ දැනෙන හිරිවැටෙන ගතිය නිසා මට හුස්ම ගන්නත් බෑ වගේ.....!!

මං කීප පාරක්ම ඌට ගහලා උගෙන් ගැලවෙන්න උත්සාහ කරත්, බැරිවුණා. අන්තිමට එයාම මාව අත ඇරලා සෝෆා එකේ අනිත් පැත්තට ගියා...

ඉක්මනටම නැගිටපු මම උත්සාහ කළේ හොඳ හුස්මක් ගන්න. මොනා උනත් මං එහෙම ලේසියෙන් අතාරින්නෙ නෑ....! දැන්ම...!! මේ දැන්ම.... අපි අපේ ශක්තිය පරික්ෂා කරල බලමු.

"ෂිට්...!! මට තවත් නම් තමුසෙ එක්ක මේක කරන්න බෑ."
මන් දිහාට හැරෙන්නේ නැතුව සෝෆා එකේ පිටි පස්සට හයියෙන් පාරක් ගහපු Kinn මහ හයියෙන් කෑ ගැහැව්වා.....!

"ඔව්....! ඇත්තට...? මෙහෙ එන්න. අපි බලමු තමුසෙ කොහොමද මාත් එක්ක හැප්පෙන්නේ කියලා."

Kinn ගොඩක් ශක්තිමත් කියලා මම දන්නවා උනත් මන් විශ්වාස කලේ ටිකක් මහන්සි උනොත් මට ඌත් එක්ක සටන් කරන්න පුළුවන් කියලා.

"තමුසෙලා වගේ මිනිස්සු සම්පූර්ණයෙන්ම තමන් ගැන විතරමයි හිතන්නේ....!"

උගේ කේන්තිය නිවෙන කන්ම ඌ කීප පාරක් හීල්ලුවා.

"මම නෙවෙයි. තමන් ගැනම විතරක් හිතන්නේ තමුසේ...!"

තමන්ගේ නළල දෙපැත්ත තදින් අල්ලගෙන හිටිය Kinn දිහා ලාවට බලන ගමන් මං කෑගැහැව්වා.

"මට බයයි....., දවසක මගේ අතින් තමුසේ මැරෙයි කියලා.....!!"

ඌ මිමිනුවා වුණත් මං ඒක ගණන් ගත්තෙ නෑ.

ඊට පස්සේ ඌ තවත් මුකුත්ම කිව්වේ නැති නිසා, මං හැරුනේ ආපහු එන්න.

මේ අපතයත් එක්ක එකම කාමරේ ඉන්නවා කියන්නේ, එකෙන් මාව නිකන්ම අසනීප වෙනවා....!

සිද්ධ වුණ හැම දේකින්ම මට හොඳටම කේන්ති ගිහින් තිබුන නිසා මට ඕන වුණේ ඉක්මනින්ම මෙතැනින් එළියට යන්න.

"කවුද තමුසෙට යන්න අවසර දුන්නේ...?"

ඒක මට ඇහෙනවත් එක්කම මං ආපහු නතර වුණා. ඒ ගමන මොකක්ද......?

KinnPorsche Where stories live. Discover now