දහවන පරිච්ඡේදය (1 කොටස)

245 33 18
                                    

Porsche's Pov

"අ.... ම්ම්ම්....."

නැගිටපු මම පොඩ්ඩක් ඇඟ එහෙට මෙහෙට ඇද්දා. එක පාරටම පොඩි කැක්කුමකුත් හැදුන ඇඟ පුරාම....!
තිබුණ ආලෝකයට ඇස් හුරු කර ගන්න ගමන් මං හිමිහිට ඇස් ඇරලා බැලුවා.

ඔලුව පොඩ්ඩක් එහාට මෙහාට හරවලා හිරි අරින ගමන්, ඊයේ රෑ මොකක්ද උනේ කියලා මතක් කර ගන්න මං උත්සාහ කළා.....

මම අර බාර් එකට Kinn ගෙ පස්සෙන් ගියා..... කෙල්ලො ටිකක් මට බොන්න අරන් දුන්නා..... ඊට පස්සේ.... මිනිස්සු කට්ටියක්.... Kinn....! හුකනවා....! එයා හොඳින්ද....? Kinn ව මතක් වුණ ගමන්ම මං හොඳට ඇස් ඇරියා....!

උඹ මෙච්චර මෝඩයෙක් උනේ කොහොමද porsche...?? මං මටම බැන ගත්තා.

මං ඉන්නෙ පුරුදු නැති සිවිලිමක් යට කියලා මං තේරුම් ගත්තෙ කලකිරීමෙන් ඔහේ බලාගෙන ඉද්දි....!!

මම Kinn ගෙ කාමරේ එයාගෙ සෝෆා එක උඩ වැතිරිලා ඉන්න බව මට තේරුනේ ටිකක් වටපිට බැලුවට පස්සෙ....!!

"ෂිට්...!!!"

හිට ගත්ත ගමන් මම මහ හයියෙන් ශාප කරා. Kinn අනිවා මාව මරල දායි....!!

"ඔයා නැගිටලා"

පිටිපස්සෙන් කට හඬක් ඇහුණා. කට හඬ අහෙනවත් එක්කම මගේ මුළු සර්වාංගෙම නිකං ගල් ගැහුනා වගේ....!

කන් දෙක පිරෙන්න අහගන්න ලෑස්ති වෙන ගමන් මම ඒ කටහඬ ආව පැත්තට හිමිහිට හැරුනා.

ඒත් මං එයා දිහා බලනකොට..... මෙන්න මිනිහා හරිම සංසුන්ව මං දිහා බලාගෙන ඉන්නවා.....!!

"ම...... මම.....ම්ම්ම්......"

මොනව කියන්නද මන්දා...!

මේ පාර නම් මම මහ ලොකු අවුලක් ඇති කරේ. ඒ වගේම කියන්න කිසිම නිදහසට කාරණාවකුත් නැහැ....!!

ඒක සම්පූර්ණයෙන්ම මගේ වැරැද්ද. මම නිකං මෝඩයෙක් වගේ නොසැලකිලිමත් විදිහට හැසුරුණේ නැත්තං ඊයේ රෑ ඒ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ.

මට එයාගෙ මූණවත් බලන්න බැරි තරම් අපහසු තාවයක් දැනුනා.

"දහයට තියෙන වැඩේට යන්න පරක්කු වෙන්න ඕන නැත්තං, දැන් නැගිටලා නාලා ලෑස්ති වෙන්න."

KinnPorsche Where stories live. Discover now