එකොළොස් වන පරිච්ඡේදය (2 කොටස)

252 35 9
                                    

Kinn's pov

විශ්ව විද්‍යාලයේදි....

ඒ සඳුදා.....

ඉතින් මම මගේ යාළුවොත් එක්ක විශ්වවිද්‍යාලයේ වෙනදා පුරුදු තැනටම වෙලා ඉඳගෙන හිටියා. ඒත් Tae අපිව විශ්ව විද්‍යාලයේ තිබුණ මොකක්ද වැඩසටහනකට එක්කගෙන ගියා.

විශ්වවිද්‍යාලෙන් කරන ඔය වගේ වැඩසටහන්වලට මම සාමාන්‍යයෙන් සහභාගි වුණේ නැහැ. අපේ ෆැකල්ටි එක කොහොමත් විශ්ව විද්‍යාලයේ තියෙන ඔය එක එක වැඩසටහන් වලට වැඩිය සම්බන්ධ වුනේ නෑ.

අඩු ගානේ Moon - Star* තරඟයට වත්. අපේ සීනියර්ස්ලා ඕකට යන්න කියලා මට වැන්දේ නැති ටික විතරයි. ඒත් ඉතිං මම කෙලින්ම බෑ කිව්වා.

"Time මාව මෙතනට එක පාරක් එක්කගෙන ආවා. ඉතින් මෙතන කෑම ගොඩක් හොඳ නිසා මම මේ අවුරුදු තුනම මෙතනට ආවා...."

Tae කිව්වේ කෑම දිහා බලන ගමන්.

අපි තුන්දෙනා නම් කිසි සද්දයක් නැතුව ඔහේ එයාගෙ පස්සෙන් ඇවිදගෙන ගියා විතරයි.

අපි කවුරුත් වැඩිය සෙනග ඉන්න තැන් වලට කැමති නැහැ. ඔය සෙනඟ පිරුණ මාකට් එකට එහෙම මම ගිය දවසක්වත් මට මතක නැහැ. සමහර විට මම ජීවිතේට එහෙම තැනකට ගිහින් නැතුව ඇති.....!

මම හිටගෙන බලාගෙන හිටියේ හොඳටම එපා වෙලා. මගේ යාලුවො දෙන්නටත් එපා වෙලා හිටියෙ. මෙතන ජොලියෙන් හිටියා එකම මිනිහා Tae.

වටේ හිටිය මිනිස්සු සැරෙන් සැරේ මං දිහා බලන එක මට හරිම කරදරයක් වෙලා තිබුණේ.

"Tae උඹ තවමත් ඉවර නැද්ද බං....? මට මාර රස්නෙයි."

මම කිව්වේ කලකිරීමෙන්.

"ඉන්න....! මට මේක ඕන...!!"

Tae කෑගැහුවේ හරියට පොඩි එකෙක් වගේ සෙල්ලමට.

ඒක ඉතිං හරිම cute කියලා අපි හැමෝම දන්නවා වුනත් එයත් එක්ක විනෝද වෙන්න නම් මේක වෙලාව නෙමෙයි....!

"ආහ්.... මෙන්න ඔයා කැමතිම රසකැවිලි තියනවා....."

එහෙම කිව්ව Mew රසකැවිලි කඩේ අනිත් පැත්තට ගියා. ඊළඟට Mew ගේ පස්සෙන් ගිය Tae එයාට ගන්න රස කැවිලි තෝරන්න පටන් ගත්තා.

KinnPorsche Where stories live. Discover now