දෙවන පරිච්ඡේදය

504 58 16
                                    

Porsche's pov

"කවුද අප්පා මාව මතක් කරන්නේ? මොන වදයක්ද මන්දා ඊයේ රෑ ඉඳන්ම අම්බානක හචින් යනවා."

sports science faculty ඉස්සරහ තියෙන සිමෙන්ති මේසෙ උඩින් අතේ තියෙන කෝපි කෝප්පෙ තියද්දිම තවත් කිවිසුමක් යවපු Jom කිව්වා. Jom දිහා බලන ගමන් මම ආපහු සමාවෙන්න කියලා කිව්වේ හිතින්.

ඊයේ අර කොල්ලාට මම Jom ගෙ නම දීලා මගේ නම ගැන බොරු කිව්වා. හරි ඉතිං ඇත්තටම අඳුරන්නෙ නැති කෙනෙක්ව මට එහෙම ලේසියෙන් විශ්වාස කරන්න පුලුවන්ද? අනිත් එක ඒ තිබුන තත්වෙ හැටියට කාටද බය නැතුව ඇත්ත නම කියන්න පුලුවන්?

අර ගත්ත ඔරලෝසුව මම ලක්ෂ දෙකකට විකුණලා දැම්මා.

බැරිවෙලාවත් එයා කවදා හරි මාව හොයාගෙන ආවොත් මට පුළුවන් ඒ මගේ නම නෙමෙයි කියලා කියන්න. "ඔරලෝසුවට මොනවා හරි උනොත් උඹ මැරුණා කියලා හිතාගනින්" කියලත් ඒ යකා මට කිව්වා.

" මොනවද හුත්තො මං දිහා බලං ඉන්නෙ උඹ?"

මමයි Jom ගාවටයි ඇවිත් ඉඳගන්න ගමන් මගෙන් එහෙම අහපු අවජාතකයගෙ නම Tem. මේ තමයි මගේ යාළුවෝ. මගේ හොඳම යාළුවෝ. මට කොච්චර හොඳ පෙනුමක් තිබුණත්, ලස්සන මුණක් තිබුණත් මං එච්චර ෆ්‍රෙන්ඩ්ලි මනුස්සයෙක් නෙවෙයි. විශේෂයෙන්ම වැඩිය අඳුරන්නෙ නැති අයත් එක්ක. මම කලාතුරකින් මගේ හැඟීම් පෙන්වන හින්දා ගොඩක් අය හිතන්නේ මම වැඩිය හැඟීම් දැනීම් නැති මිනිහෙක් කියලා. සමහර විට මගේ අතේ තියන ජපන් මෝස්තරේ tattoo එක හින්දා කට්ටිය එහෙම මගෙත් එක්ක මුකුත් අවුල් දාගන්ඩ ආවෙත් නෑ. ඉස්සර ඉඳම්ම ඉතින් මේ මෝඩයො දෙන්න තමයි මගෙත් එක්ක හිටියේ.

දැන් අපි ඉගෙන ගන්නේ අපේ රටේ තියෙන හොදම කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එකේ. අපිට ‍ක්‍රීඩා ශිෂ්‍යත්වයක් හම්බුනේ නැත්තං ඉතින් මෙහෙ එනවා කියන්නේ හීනයක් තමයි. ඇත්තටම මට ඉගෙන ගන්ඩ නම් මෙලෝම දක්ෂ කමක් නෑ. මෙහේ මම ඉගෙන ගන්නේ නොමිලේ. මම ජාතික කරාටේ ශූරයා උන නිසා අපේ ඉස්කෝලේ නියෝජනය කරලා මට ලේසියෙන්ම ශිෂ්‍යත්වයක් ගන්න පුළුවන් වුණා.

"Porsche අපේ රිපෝර්ට් එක වේලාසනින් ලියලා ඉවර කර ගන්න පුළුවන් උනොත් යමුද මචං club එක පැත්තේ?"

KinnPorsche Where stories live. Discover now