.....1st Rose....

2.5K 243 40
                                    

සෝල් නගරය නත්තල් සිරියෙන් හැඩ වෙලා තිබුනේ සුර පුරයක් වගේ.....නගරය මැද්දේ තිබුන  මාලිගය නත්තල් සිරියෙන් බැබලුනා.... නවීන පන්නයේ මෝටර් රථ වලින් මාලිගාවේ රථ වාහන අංගනය ඒ වෙනකොටත් සම්පූර්ණයෙන්ම පිරිලා ගිහින් තිබුන..... සාද කථා මැද ඉස්තරම්ම වර්ගයේ කෑම බීම වගේම මත් පැන් වීදුරු එහා මෙහා වුනා....

හන්ගුක් වල වර්තමාන රජු , මින් පරම්පරාවේ එකොලොස් වෙනි රජු මින් යුන්ගි වගේම, රැජිණ මින් ජියා උත්සවයේ මූලිකත්වය අරගත්තා.... එතකොට අනාගත කිරුල හිමි කුමරිය මින් රජුගේත් රැජිනගේත් එකම දියණිය,   මින් රියා අතේ තිබුන වයින් වීදුරුව කරකවන ගමන් තමන්ගේ  අප්පා එක්ක කථා කරන කඩවසම් තරුනයා දිහා ඇහිපිය නොහෙලා බලාගෙන හිටියා...ඇත්තටම ලෝකයා දන්න විදියට රජකමේ එකම උරුමක්කාරිය රියා ද? ....

ඒ ගැන දැනගෙන හිටියේ රජුට අමතරව තව එකම එක් කෙනෙක් විතරයි.... ජියොන් හේසෝක්!!! තරුණ කාලේ රජුගේ ලගම මිත්‍රයා...  රජුට ඕන කලේ කිරුල හිමි වුනාට පස්සේ තමන්ගේ කල්යාන මිත්‍රයා තමන්ගේ ලගම තියාගන්න... ඒත් නොහිතපු විදියට ජීවිතේ සිද්ධ වුන වෙනස් කම් වලට පස්සේ රජු ඒ සිතුවිල්ල හිතේම හංග ගත්තා..... මොකද  හේසෝක් ට බාරදෙන්න ඊට වඩා භාරදූර රාජකාරීයක් ඒ වෙනකොටත් රජු ලග තිබුනා......

"හේසොකා!! මට මේ උදව්ව කෙරුවොත් මං පොරොන්දු වෙනවා රියාව හේසෝක් ගේ පුතාට යෝජනා කරනවා කියලා.... රියා තමයි අනාගත රැජිණ!!! "

"ආහ් රජතුමනි!! මං විශ්වාසවන්ත කෙනෙක් ගැන හොයලා බලන්නම්, ඒත් මගේ දරුවා......!!"

"හේසෝක් දන්නවා මට කාවවත් විශ්වාස නෑ කියලා... රියාට අවුරුදු තිහ ලැබුවට පස්සේ රියා විවාහ වෙන්න ඕන,  ඊට පස්සේ එයායි රැජින... එතනින් පස්සේ.....!!"

අහස දිහා බලලා බර හුස්මක් පහල දාපු රජතුමා හේසෝක් ගේ අත්දෙකෙන් අල්ල ගත්තා....

"ඊටපස්සේ මං එයාවත් අරගෙන එයාගේ මාම්ගේ රටට යනවා හේසෝක්... පුංචි කාලේ ඉඳලම කාත් කවුරුවත් නැතිව හැදෙන මගේ පුන්චි කෙල්ල අරගෙන මං මෙහෙන් යන්න යනවා හේසෝක්!! ඒ වෙනකන් මගේ දරුවා පරිස්සම් කරලා දෙන්න පුලුවන් හේසෝක් ට විතරයි!! මේක අප්පා කෙනෙක් ගේ ඉල්ලීමක්!!!"

✔♡HIDDEN ROSE♡ (JJK fiction)Where stories live. Discover now