..26th Rose...

729 181 40
                                    

පුංචි කෙල්ලගේ නලලට වැටිලා තිබුන  දුඹුරු පාට කැරලි කොන්ඩේ එහා මෙහා කරන කොට කෙල්ල දිග ඇහිපියන් යට හැන්ගිලා තිබුන රවුම් ඇස් තව ටිකක් රවුම් කරලා එයාගේ මාම් දිහා බැලුවා... ඊලගට චූටි හා පැටියෙක් වගේ හුරතල් හිනාවක් දීලා ආපහු හෙමින් නිදා ගත්තා.... චූටි තොල් උල් කරගෙන නිදාගෙන ඉන්න කෙල්ලගේ තොලට යටින් තිබුන මෝල් එක ඇගිලි තුඩු වලින් අත ගාපු හරාගේ මුවින් බර හුස්මක් ගිලිහිලා ගියා....

ජිමින් ඉක්මනින් ඔලුව හරවලා හරා දිහා බැලුවා....

"ප්‍රින්සස්!!! "

"මං හොදින් චිම්!!"

හරා හෙමින් කිව්වා.... අවුරුදු හතරකට පස්සේ හුරුපුරුදු මව් රටේ හුලග හරාට මග හැරුන ආදරේ මතක සුවද වැඩි වැඩියෙන් අරගෙන ආවා...  ජීවිතේ පලවෙනි වතාවට ජන්කුක් එක්ක සෝල් ආපු හැටි,  නත්තල් දවස ගෙවිලා ගිය හැටි.... ජන්කුක් ගේ උනුසුමේ ආදරේ අනන්තයට ඇවිදගෙන ගිය හැටි හරාට තාමත් අද ඊයේ වගේ මතකයි....

හරා තාමත් ඉස්සර තරමටම ජන්කුක් ට ආදරෙයි.... හරා දන්නේ නෑ ජන්කුක් හරාට බොරු කලාද රැවැට්ටුවා ද කියලා.... ඒත් හරා එක දෙයක් දන්නවා.... හරා එක්ක රෝස් විලාවේ හිටපු හරා එක්ක ජීවිතේ බෙදා ගත්ත,  හරා ආදරේ කරපු ජන්කුක් හරාට බොරු කලේ නෑ.... කවුරු කොහොම මොනදේ කිව්වත් හරා ජන්කුක් ගේ ආදරේ තාමත් විශ්වාස කරනවා....

හරා අවුරුදු හතරකට පස්සේ  චිම් එක්ක  හන්ගුක් ආවේ book launch එකට විතරක්ම නෙවෙයි.... හරාට ඕන ජන්කුක් මුන ගැහිලා ප්‍රශ්න වලට උත්තර හොයාගන්න.... ජන්කුක් තමන්ට බොරු කලා නම්,  ජන්කුක් ගේ ජීවිතේ වෙන කෙනෙක් ඉන්නවා නම් හරා ලෑස්ති වෙලා හිටියා ජන්කුක් ගේ සතුටට ඉඩ දෙන්න....

තව හරියටම මාසේකින් ජිමින් ගේ වෙඩින් එක.... මැරේජ් එකෙන් පස්සේ ජිමින් හන්ගුක් වලම නවතින්න තීරනය කලා... රුසියානු ජාතික තරුණියක් වුන  ජිමින් ගේ  ආදරනීය පෙම්වතිය හරාට ලබැදී සොයුරියක් වුනා... ඒ වගේම කඩා වැටුන හරාගේ ජීවිතේට හරි ආදරනීය හයියක් වුනා....
ප්‍රශ්න වලින් පැනලා ගිහින් දුක් විදිනවට වඩා ප්‍රශ්නෙට මූන දීලා ටික කාලයක් අඩලා හිත සැහැල්ලු කර ගන්න එක හොදම විසදුම කියලා හරාට කියලා දුන්නේ ජිමින් ගේ පෙම්වතිය ලුසී!!!

✔♡HIDDEN ROSE♡ (JJK fiction)Where stories live. Discover now