...2nd Rose...

877 206 38
                                    

ටිකෙන් ටික ජනාකීර්ණ සෝල් නගරේ පහු වෙලා ගිහින් උස් ගොඩනැගිලි,  කාර්ය බහුල කඩසාප්පු,  වාහන වල ඝෝෂාව වෙනුවට මග දෙපස  ගස් කොලන් වගාබිම් පහු වෙලා යනකොට හොද හුස්මක් ඉහලට අරගත්ත ජන්කුක් කා එකේ ෂටර් එක පාත් කරලා එක අතක් එලියට දික් කලා....

උදේ සීතල හුලග මූනේ වැදෙන කොට තරමක් දිග කොන්ඩ කැරලි එහා මෙහා වුනත් ඒ ගැන නොහිතා ජන්කුක් හුලගට ඉව ඇල්ලුවා.... හුලගෙන් ආවේ නැවුම් තනකොල සුවද... පුංචි ම දවස් වල අත්තම්මා ගේ ගාර්ඩ්න් එකේ බිම පෙරලිලා සෙල්ලම් කරපු කාලේ මතක් වෙලා ජන්කුක් ගේ මූනේ හිනාවක් ඇදුනා.....

ඒ හිනාව අතරින්ම රින්ග් වුන phone එක අතට අරගත්ත ජන්කුක් කෝලර් අයිඩී එක දිහා බලලා හිනාවෙලා කෝල් එක ආන්ස්වර් කලා.....

"පපා!!"

"කුක් දැන් කොයි හරියේද?  හොයාගන්න පුළුවන් වේවි නේද?!"

"ආයිෂ් පපා ඩෝන්ට් වොරී මට පුලුවන්!!"

"මමා වදවෙනවා කුක්!!"

"අයි නෝ පපා!! මං හොදින්!! මං එහෙට ගිහින් කියන්නම්!!"

"පරිස්සමින් සනා!! ඔහ් මතක් කරලා මගින් ටැන්ජරින් බාස්කට් එකක් අරගෙන ගිහින් හරාට දෙන්න මං වෙනුවෙන් හොදද?"

හේසෝක් කියනකොට ජන්කුක් ඇස් රෝල් කරලා කට කොනකින් හිනා වුනා.....

නත්තලෙන් පස්සේ උදාවුන අලුත් අවුරුද්දේ පලවෙනි සතියේ ජන්කුක් ගේ පපා එයාගේ මාම්ගේ ඔපරේෂන් එක වෙනුවෙන් ලන්ඩන් ගියා....ඒ හේසෝක් වෙනුවට ජන්කුක් හරාගේ ආරක්ෂාව  බාරගන්න රජතුමා වුන යුන්ගිට පොරොන්දු වූනාට පස්සේ....
ඒ වෙලාවේ රජතුමා කියපු අනිත් කාරනේට ජන්කුක් ටිකක් පුදුම වුනත් එයා ඒකට විරුද්ධ වුනේ නෑ... ජන්කුක් ට විරුද්ධ වෙන්න ඕන කමක් තිබුනේ නෑ!!! යුන්ගි කිව්වේ තව අවුරුද්දකින් රියාට වයස විසි පහක් සම්පූර්ණ වුනාම ජන්කුක් ගෙයි රියාගෙයි විවාහය ප්‍රසිද්ධ කරනවා කියලා.... ජන්කුක් මුලින් පුදුම වුනත් පස්සේ ඒ ගැන දුරට නොහිතා ඉන්න හිතුව.... ස්වභාවයෙන්ම ලැබුන කඩවසම් පෙනුම නිසාම  ගෑනු ළමයින්ගෙන් ලැබුන ආකර්ෂනය එක්ක  සෙල්ලක්කාර ජීවිතයක් ගෙවපු ජන්කුක් ට පෙම්වතියන්ගේ අඩුවක් තිබුනේ නෑ.... ඉතින් ජන්කුක් ට රියාත් තවත් එක කෙල්ලෙක් විතරක් වුනා... රියා අනාගත රැජිණ කියන එක ජන්කුක් නොසලකා ඇරියා.....

✔♡HIDDEN ROSE♡ (JJK fiction)Where stories live. Discover now