24th Rose

668 188 51
                                    

ඇස් වලට දැනුන බර ගතියක් එක්ක හෙමින් ඇස් ඇරපු ජන්කුක් මුලින්ම දැක්කේ එහාපැත්තේ වාඩි වෙලා හිටපු එයාගේ මාම්ව.... ඊට ටිකක් එහායින් තිබුන සෝෆා එකේ වාඩි වෙලා හිටියේ ජන්කුක් ගේ පපා... හතර වටේ ඇස් කරකවලා බලපු ජන්කුක් ට තේරුනා එයා ඉන්නේ හොස්පිට්ල් එකක කියලා... වේලිලා තිබුන තොල් අතරින් ජන්කුක් හරාගේ නම මිමුනුවත් හඩක් පිට වුනේ නෑ....

"ඔහ් බේබි!! ඔයා ඇහැරලා!! සොකී බේබි ඇහැරලා!!"

මමා කලබලෙන් කියනකොට පපා නැගිටලා එනවා ජන්කුක් දැක්කා... ඒත් ජන්කුක් ගේ මනසේ වැඩ කලේ වෙන දෙයක්.... ජන්කුක් ට මතකයි  සිහියත් අසිහියත් අතර ගෙවුන හෝරාවකට විතර පස්සේ  ගිනි නිවන නිලධාරින් දැවිලා පිලිස්සිලා ගිය සිරුරක් රෝස් විලාවේන් එලියට අරගෙන ආපු බව දැක්කා... එතනින් එහාට සිද්ධ වුන කිසිම දෙයක් ජන්කුක් ට මතක තිබුනේ නෑ.... ඇස් අගින් කදුලු දෙපේලියක් ගලද්දී ජන්කුක් ට දැනුනා මාම් පුලුන් කෑල්ලකින් තොල් තෙමනවා....

ජන්කුක් කලබලෙන් ඇස් ඇරලා මාම් දිහා බැලුවා....

"මාම්!!! හ්...හරා...හරා ක්..කොහෙද මාම්!!"
ජන්කුක් හීන් හඩින් ඇහුවා....ඒත් එක්කම හේසෝක් එක්ක රූම් එකට ආවේ ජන්කුක් ව චෙක් කරපු ඩොක්ටර්... ජන්කුක් තාමත් මාම් දිහා බලාගෙන හිටියේ උත්තරයක් වෙනුවෙන්.....

"මං හිතන්නේ දැන්  patient ගේ මානසික තත්වය සාමාන්‍ය අතට හැරිලා... මං කියපු දේවල් මතක තියාගෙන කථා කරන්න... තව දවස් දෙකක් විතර ඉදලා යමු ම්!!"

පපා දිහා බලාගෙන කියපු ඩොක්ටර්  අන්තිම ටික කියලා ජන්කුක් ගේ උරහිසට තට්ටු කරලා පිටවෙලා ගියත් ජන්කුක් බලාගෙන හිටියේ මාම් දිහා....

"මාම්!! හ්..හරා!!"

"ඔහ් හරා හොදින් බේබි!! මුලින්ම ඔයා සනීප වෙලා ඉන්න,  සොකී බේබි ට උදව් කරන්න වාඩි වෙන්න!!"

මිසිස් ජියොන් කියනකොට හේසෝක් ජන්කුක් ට ඇදේ වාඩි වෙන්න උදව් කලා...

"පපා!! හරා!! එතකොට එතකොට මං ...!!"

"රිලැක්ස් බේබි!! හරා හොදින් ඉන්නවා,  ගෙදර ගියාම ඔයාට පුලුවන් හරාව මුන ගැහෙන්න!!"

✔♡HIDDEN ROSE♡ (JJK fiction)Where stories live. Discover now