18nth Rose( mature content ahead)

826 201 51
                                    

ටිකක් වෙලා වැහුන දොර දිහා කල්පනාකාරී බැල්මෙන් බලාගෙන හිටපු ජන්කුක් phone එක අරගෙන මැසේජ් එකක් ටයිප් කරලා phone එක පැත්තකට දැම්මා.... ඇස් දෙක තද කරලා පියාගෙන එහෙමම සෝෆා එකට ඔලුව හේත්තු කරගෙන ටිකක් වෙලා හිටපු ජන්කුක් තොල් හපන ගමන් ටිකකට කලින් හරා එක්ක ඩෙකරේට් කරපු නත්තල් ගහ දිහා බලලා බර හුස්මක් ඉහල පහල දැම්මා....

රියා ගෙදරින් පිටත් වෙලා යනකොට ම ජන්කුක් තීරනය කලා තවදුරටත් සෝල් වල නොඉද පිට වෙලා යන්න....තාමත් වෙලාව හවස දෙකයි....ජන්කුක් දන්නවා රියා මේ වෙනකොටත් තමන් ගැන ඔත්තු බලන්න කෙනෙක් ව නවත්තලයි ඇත්තේ කියලා.... ඒ නිසයි ජන්කුක් තීරනය කලේ රියාට රියාගේ විදියටම උත්තර දෙන්න.....

කෙවින්!! ජන්කුක් මොහොතකට කලින් මැසේජ් කලේ හයිස්කූල් එකේ ජන්කුක් ගේ ලගම යාලුවා කෙවින්ට....,  කෙවින්ට දෙමාපියෝ හිටියේ නෑ ...කෙවින් හැදුනේ අත්තම්මා ලග.... හයිස්කූල් කාලේ පපා නැතුව ලමයිගේ එක එක කථා වලට රන්ඩු ඇදගත්ත ජන්කුක් ගේ තනියට හැමදාම කෙවින් ජන්කුක් එක්ක හිටියා.....

කාලයක් යද්දි කෙවින් ජන්කුක් හොද යාලුවෝ වුනා.... හයිස්කූල් එකෙන් පස්සේ ජන්කුක් යුනිවර්සිටි ගියත් කෙවින් යුනිවර්සිටි ගියේ නෑ...ඒත් එයාලගේ යාලුකම නැති වුනේ නෑ.... පුංචි කාලේ ඉඳලම චන්ඩියෙක් වුන කෙවින්  පුංචි පුංචි මාෆියා කල්ලි එක්ක එකතුවෙලා පොඩි පොඩි චන්ඩි කම් කලා....

කාලේ ගෙවිලා යද්දි ජන්කුක් ලෝයර් කෙනෙක් විදියට දිව්රුම් දුන්නා....කෙවින්ට කෙවින්ගේම මාෆියා ගැන්ග් එකක් හිටියා.... ඒත් ජන්කුක් ගෙයි කෙවින්ගෙයි යාලුකමට එයාලගේ රැකියාව බාධාවක්  වුනේ නෑ....

කල්පනාවක අතරමං වෙලා හිටපු ජන්කුක්  පියවි සිහියට ආවේ ඩෝ බෙල් එක රින්ග් වෙන හඩින්...එහෙමම කට කොනේ ඇදුන හිනාවෙන් ම ගිහින් දොර ඇරපු ජන්කුක් ගේ ඉස්සරහ හිටියේ කෙවින් එවපු කෙවින්ගේ ගෝලයා...

"මිස්ටර් ජන්කුක් මං ලීනෝ, කෙවින් බොස් සෝල් වලින් පීට ඉන්නේ ඒකයි මාව එව්වේ,  මේ තියන්නේ මං ආපු වාහනේ යතුර,!!"

හීන්දෑරි පෙනුමක් එක්ක තියුනු ඇස් දෙකක් තිබුන කොල්ලා කියනකොට ඔලුව වනපු ජන්කුක් ගේ ඇතුලෙන් තමන්ගේ කා එකේ කී එක අරගෙන ඇවිත් කෙවින්ගේ ගෝලයාට දුන්නා...

✔♡HIDDEN ROSE♡ (JJK fiction)Where stories live. Discover now