....9th Rose....

800 213 52
                                    

"ඔහ් කුකී මේ ඉන්නේ මිස්ටර් චිම්!! මිස්ටර් චිම් මේ ඉන්නේ කුකී!!"

දුබුරු පාටයි සුදු පාටයි මිශ්‍ර වුන තරමක් ලොකු කැලෑ හාවෙක් පෙන්නලා හරා හිනාවෙලා කියද්දී ජන්කුක් එක තැන නැවතිලා කට ඇරගෙන බලාගෙන හිටියා....

"බලන්නකෝ කුකී, එයාගේ අතට මොකක් හරි වෙලා මේ!!"

හාවාගේ අත පරිස්සමින් අල්ලන ගමන් තොල නොපිට පෙරලලා හරා කියනකොට ජන්කුක් ඔලුව ගැස්සුවා...ජන්කුක් ට තේරුනේ නෑ.. හරා මෙච්චර දවසක් කියෙව්වේ හාවෙක් ගැනද එතකොට!! ඒත් ජන්කුක් හිතුවේ!!!!

"ආයිෂ් හරායා..   ඔඩොක්කුවේ තියාගෙන ඔලුව අතගානවා කිව්වේ මේ මහත හාවාගෙද ආ!!"

ජන්කුක් ටිකක් සද්දෙන් ඇහුවා...හරා ඇස් ලොකු කරගෙන බැලුවා...

"ඒකේ තියෙන වැරැද්ද මොකක්ද? අ අපි යාලුවෝනේ!!"

හරා හෙමින් කිව්වා!!

"ආර්ග්හ්!! !!"

ජන්කුක් අත් දෙකෙන්ම කොන්ඩේ ඇද ගත්තා, මෙච්චර දවස් හාවෙක්ට ඉරිසියා කලා කියලා හිතෙන කොට ජන්කුක් ට තමන් එක්කම තරහයි,  දේවල් හොයලා බලන් නැතුව  ඉක්මනින් තීරන ගන්න හිතුවක්කාර ජන්කුක් ට මේ වගේ පැටලිලි වෙන එක ගොඩක් සාමාන්‍ය දෙයක් ... ඒත් මේක ටිකක් ඕනවට වැඩියි....

"ආයිෂ් කොහොම හරි ,නයිස් ටු මීට් යූ මිස්ටර් චිම්!!"

හරා ගාවින් ම බිම වාඩිවෙලා හාවා දිහාවට අත දික් කරලා  ජන්කුක් කිව්වා.... හරා හෙමින් හිනා වුනා....

"එයා ඔයාට කැමතියි!! "

හරා කිව්වා...

"හ්ම් ඒත් ඔයා දැන් ඔය සතාව බිමින් තිබ්බොත් හොඳයි, මං හිතන්නේ එයාට යන්න ඕන වගේ!!"

හරාගේ ඔඩොක්කුවේ සැපට දිගා වෙලා ඉන්න හාවා දිහා නහය අකුලලා බලපු ජන්කුක් කිව්වා...

"නෑ එයාට නින්ද ගිහින්!!"

හරා කිව්වා...

"නෑ එයා සැරෙන් සැරේට කැලෑව දිහා බලනවා එයාට ගෙදර  යන්න ඕන වගේ..!"

ජන්කුක් කිව්වා....

"එයාට ගෙදරක් නෑ...එයා තනියම ඉන්නේ!!"

✔♡HIDDEN ROSE♡ (JJK fiction)Where stories live. Discover now