..21st Rose..

683 184 72
                                    

ජන්කුක් ගේ වාහනේ ඈත මේපල් ගස් අතරින් නොපෙනී යනකන් ම බලාගෙන හීටපු හරා බර හුස්මක් ඉහල පහල දාලා මන්දිරේ ඇතුලට හෙමින් ඇවිදගෙන ආවා...දවස් දෙකයි!! ඔය දවස් දෙක ඉක්මනින් ගෙවිලා යාවී ලව්!!! යන්න මොහොතකට කලින් ජන්කුක් කියපු හැටි හරාට මතකයි.....

හෙමින් ඇතුලට ඇවිදගෙන ගිය හරා තරප්පු පෙළ පියමං කරලා සුපුරුදු සොල්දර කාමරේ ජනේලේ ලගට ආවා...තාම ජන්කුක් ගිහින් ගෙවිලා ගියේ විනාඩි කීපයක් විතරයි....හරාට දැන්මම පාලු දැනෙන්න අරගෙන.... හරා බර හුස්මක් ඉහල පහල දාලා ඉර බැහැගෙන යන රත්තරන් පාට වසන්ත අහස දිහා බැලුවා.... අහස හැමදාමත් හරාගේ හිත සැනසුවා.... නිවී සැනසිල්ලේ කොහේ හරි බිම දිගා වෙලා නැලවිල්ලේ පාවෙලා යන වලාකුලු දිහා බලාගෙන ඉන්න කොට මුලු හිතම සැහැල්ලු වෙන බව හරා අත්දැකීමෙන් දන්නවා.....

ඉර බැහැගෙන ගිහින් අහසේ තරු එක දෙක පායන්න ගත්තා, පැහැදිලි වසන්ත අහස පූර්න චන්ද්‍රයාගෙන් එලිය වෙලා....හරා තාමත් ජනේලේ ලග වාඩි වෙලා අහස දිහා ඔහේ බලාගෙන ඉන්නවා... හරාගේ ප්‍රාර්ථනාව හරාගෙන් ඈතකට ගිහින්...ඉතින් හරාට පාලුයි....තනියි... හරාගේ මුලු හදවතම ජන්කුක් නමට වෙන්වෙලා... ඉතින් ඒක වරදක්ද? පුංචි කාලේ ඉඳලම ආදරයක් නොවිදපු හරාට උතුරන්න ආදරේ ආරක්ෂාව රැකවරණය මේ හැමදේම ජන්කුක්ගෙන් ලැබුනා... ඉතින් හරා ජන්කුක් නමට හදවත සින්නක්කර ලියපු එක වරදක් වෙන්නේ කොහොමද?

එක සැරේටම හරා ගැස්සිලා ගියේ ඔඩොක්කුවේ තිබුන phone එක රින්ග් වෙන හඩින්... ජන්කුක් එයාගේ phone එක හරාට දීලා ගියා...තාමත් මන්දිරේ ස්ථාවර දුරකථනය ක්‍රියා විරහිතයි... ජන්කුක් එදා සෝල් යන්න හදිස්සියට ලෑන්ඩ් ෆෝන් එකේ වයර් දෙකක් ඇදලා කඩලා දාලා... ජන්කුක් හරාට දීපු phone එක තියන බව දන්න නිසාත්, ජන්කුක් ආපහු එනකොට සෝල් වලින් මන්දිරේ ට phone එකක් අරගෙන එන්නම් කියලා කියපු නිසත් මිසිස් ජේන් ඒ ගැන ඕනවට වඩා වද වුනේ නෑ.... මොකද ඒ ග්‍රාමිය ප්රදේශයේ phone එක හදාගන්න තැනක් නෑ කියලා මිසිස් ජේන් දැනගෙන හිටියා....

"හරායාහ්!! මං ආවා... තාම පාකින් ලොට් එකේ!!"

එහා පැත්තෙන් ජන්කුක් කියන කොට හරා phone එක අතට තද කරගත්තා.....

✔♡HIDDEN ROSE♡ (JJK fiction)Where stories live. Discover now