...8th Rose...

717 202 63
                                    

ජන්කුක් පස් වෙනි වතාවටත් තරප්පු පෙළ දිහා බලලා බිම බලාගත්තා.... උදේ කෑම වෙලාව ලංවෙලා තිබුනත් හරා තාමත් කෑම මේසෙට ආවේ නෑ....ඒකටත් එක්ක ජන්කුක් වෙලාවටත් කලින් මේසෙට ඇවිත් වාඩි වුනා... ජන්කුක් බිම බලාගෙන හිනා වුනා... තවත් ටික වෙලාවකින් තරප්පු පෙළ දිහාවෙන් පියවර ගැටෙන හඩක් ඇහුනා...ජන්කුක් ඔලුව උස්සල බැලුවා....

ලා කහපාට දිග ගවුමක් ඇදලා හිටපු හරා ජන්කුක් දිහා බලලා හිනා වුනා,  ජන්කුක් ට හිනාවෙන්න අමතක වුනා.... හරාගේ දුඹුරු පාට දිග කොන්ඩේ තෙත පාටක් ඉහිරිලා තිබුනා... හරා උදේම නාලා!! සුදුමැලී පාට කම්මුල් පුරා ලා රතක් ඉහිරිලා... දිග ගවුම් කොන අත් දෙකෙන්ම අල්ලගෙන තරප්පු පෙල පහලට බහින හරා දිහා ජන්කුක් ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා..... හරා ඇත්තටම princess කෙනෙක් වගේ!!

"ගුඩ්මෝනින්ග් කුකී!!"

හරා ටේබල් එක ලග හිටගෙන හිනා වෙලා කිව්වා...ගැස්සිලා ගිය ජන්කුක් ඔලුව වනලා ආපිට greet කලා....ජන්කුක් ට තේරුනේ නෑ මේ දැනෙන හැගීම්.... ගෑනු ළමයෙක් ගැන ජන්කුක් කවදාවත් ම ඕනවට වඩා හිතලා තිබුනේ නෑ...ගෑනු ළමයි ලස්සනයි!!,ජන්කුක් හිතුවේ එච්චරයි....
ඒත් හරා ලගදී ඒ අදහස වෙනස්... ජන්කුක් ට පුලුවන් දක්ෂ චිත්‍ර ශිල්පියෙක් තමන් කැමතිම චිත්‍රේ දිහා බලනවා වගේ හරා දිහා බලන්න, හරාව අගය කරන්න.... හරාගේ හිනාව දිහා වරුවක් වුනත් බලාගෙන ඉන්න.... හරා කථා කරද්දි  හරා දිහාම බලාගෙන අහගෙන ඉන්න....
හරා හරියට උදේ පිපුන නැවුම් රෝස පොහොට්ටුවක් වගේ....ජන්කුක් ට හිතුනා....

"ගුඩ්මෝනින්ග් මිස් හරා! ගුඩ් මෝනින් මිස්ටර් ජන්කුක්!!"

හරා දිහා බලාගෙන කල්පනාවක අතරමං වෙලා හිටපු ජන්කුක් ගැස්සිලා ගියේ මිසිස් ජේන් ගේ කටහඩට.....

"ගුඩ්මෝනින්ග් මිසිස් ජේන්!!"

ජන්කුක් කිව්වා,  ඊලගට කෑම මේසේ පුරා ඇහුනේ හැදි ගෑරුප්පු එකට ගැටෙන සිහින්  හඩ විතරයි...මිසිස් ජේන් ඉස්සරහ හරා ඇස් උස්සලා ජන්කුක් දිහා බලන්නත් පැකිලෙන බව ජන්කුක් දැනගෙන හිටියා....

"ම්  හරා ඔයාට පුලුවන්ද මට ගාඩ්න් එක පෙන්නන්න!? මට ඇතුලේම ඉදලා කම්මැලී!!"

✔♡HIDDEN ROSE♡ (JJK fiction)Where stories live. Discover now