...17nth Rose...

703 184 59
                                    

"මේක කොහොමද?"

රතු සුදු මික්ස් වුන ෂෝට් ඕෆ් ෂෝල්ඩර් frock එකක් පෙන්නලා ජන්කුක් අහනකොට හරා ඇස් ලොකු කරලා බැලුවා....

"ඒත් කුකී ඒක..."

හරා මූන ඇබුල් කරගෙන ගොත ගැහුවා....

"එහෙනම් අරක!!"

හීනි පටි තිබුන තවත් ෂෝට් ඩ්රස් එකක් පෙන්නලා ජන්කුක් අහනකොට,  උදේ ඉදලා ඇවිදල ඇවිදලා හොද පන ගිහින් හිටපු හරා හෙමින් ඔලුව වැනුවා....

වැලමිට ලගට දිග රැලි අත් දෙකක් තිබුන දිගම දිග අහස් නිල් පාට එම්බ්‍රොයිඩර් frock එකක් ඇදලා දිග කොන්ඩේට පුංචි කටුවක් ගහලා ලොකු ඇස් වලින්  වටපිට බලන හරා දිහයි,  නෝමල් ටීෂර්ට් එකකට ෂෝට් එකක් ඇදලා හිටපු ජන්කුක් දිහයි ගොඩක් දෙනෙක් උවමනාවෙන් බැලුවා....

අත දිගට තිබුන ටැටූ එක පියර්සින්ග්ස් එක්ක ජන්කුක්ට සම්පූර්ණයෙන්ම මොඩර්න් ලුක් එකක් තිබුනත් හරා ට තිබුනේ  පරන කාලේ ජන කථාවක රජ කුමාරියෙකුට උරුම  පෙනුමක්!!! ඒ නිසාම ගොඩාක් දෙනෙක්ගේ අවදානේ මේ එකිනෙකාට වෙනස් පෙනුමෙන් යුක්ත ඒත් හරි ආදරනීය හැසිරීමක් තියන ආදරවන්තයෝ ලග නැවතුනා....ජන්කුක් ට කෙසේ වෙතත් හරා ට නම් ඒ ආගන්තුක ඇස් ලොකු අපහසුවක් වුනා....

"ආහ් දැන් ඇති කුකී!!අපි ගෙදර යමුද?"

තමන්ගේ කකුල් දෙක පමුල බිමට නැවිලා තවත් හීල් එකක් අතට අරගත්ත ජන්කුක් දිහා බලලා හරා හය වෙනි වතාවටත් කන්කෙඳිරි ගෑවා...

"මේක විතරයි!!"

හරා තොල් උල් කරගෙන බලාගෙන ඉද්දි හීල් එකේ ලොක් එක තද කරලා හරාගේ කකුල් දෙකේ හැඩ බලන ගමන් ජන්කුක් කිව්වා....

"Perfect!!මේ දෙකම ගමු!!"

ජන්කුක් කියනකොට හරා ලස්සනට හිනා වුනා.....

____________________________________

"වොෂ් එකක් අරගෙන  ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකරේට් කරමු හාද? "

ඩිලිවරි බෝයි යන්න ගියාට පස්සේ දොර වහලා දාපු ජන්කුක් කිව්වේ, හරා තාමත් ආපු විදියටම සෝෆා එක වාඩි වෙලා ඉන්න නිසා....

"කෝ නැගිටින්න!!"

"ආහ් මහන්සියි කුකී!! සාමාන්‍ය මිනිස්සු අතරේ ගෙවෙන දවස් මේ තරම් අමාරුද?"

✔♡HIDDEN ROSE♡ (JJK fiction)Onde as histórias ganham vida. Descobre agora