...FINAL Rose...

1.2K 224 128
                                    

අවුරුදු හතරකට පස්සේ හදිසියේම ජන්කුක්  හරාව දැකලා මේ වෙනකොට දවස් දෙකක් ගෙවිලා ගිහින්... ජන්කුක් ට හිතාගන්න බෑ ඉස්සරහට කරන දෙයක්.... බැරි වෙලාවත් හරා ජිමින් එක්ක ජීවිතේ අලුතින් පටන් අරගෙන නම්,  ජන්කුක් ගේ හිතේ හරා ගැන තරහක් තිබුනේ නෑ... මොකද සිද්ධ වුන හැමදේම ජන්කුක් දැනගෙන හිටියා....
ඉතින් හරා තමන් ගැන හිතේ තිබුන හැගීම් අමතක කරලා නම් ඒක තමන්ගේ වරද කියල ජන්කුක් දැනගෙන හිටියා....

ඒත් ජන්කුක් ගේ හදවත පිලිගන්න ලෑස්ති වුනේ නෑ හරා තමන්ව අමතක කරලා කියන එක.... හරාගේ ආදරේ...ජන්කුක් දන්නවා හරා ආදරේ කරපු විදිය...හරාගේ මුලු ලෝකෙම ගොඩනැගිලා තිබුනේ තමන් වටා කියලා ජන්කුක් දන්නවා.... ඒත් ජිමින් ගේ අතේ හිටපු පුංචි කෙල්ල!!! ජන්කුක් තදින් තොල හපාගෙන නලල තෙරප ගත්තා....
____________________________________

හරාගේ අලුත් පොතේ ලෝන්ච් එක ගොඩක් සාර්ථක ව ඉවර වුනා... හදවතට කථා කරන හරාගේ අකුරුවලට ආදරේ කරන පිරිස එන්න එන්නම වැඩි වුනා..... හරි නම් හරා ගොඩක් සතුටින් ඉන්න ඕන...ඒත් හරාගේ හිතේ තිබුනේ දෙගිඩියාවක්.... මුලු දවල් දවසම හරා කලේ කල්පනා කරන එක....

තව මාසෙකින් ජිමින් ගේ මැරේජ් එකෙන් පස්සේ ජිමින් ලුසී එක්ක හන්ගුක් වල පදිංචියට එනවා... ජිමින් ගේ පපා ජින් හරාට කිව්වා හරා කැමති නම් එයාලගේ ගෙදර දිගටම ඉන්න කියලා... මොකද ජිමින් ගේ පපා ගෙදර රැදුනේ ග්‍රීස්ම කාලේ විතරයි...අවුරුද්දේ අනිත් දවස් වල රට රටවල සංචාරය කරන ගමන් ලියන එක තමයි ජින්ගේ විනෝදාංශය වුනේ.....

ලුසී හරාටත් හන්ගුක් වල නවතින්න එන්න කිව්වත් තවදුරටත් කාටවත්ම කරදරයක් වෙන්න හරාට ඕන වුනේ නෑ.... හරා ට ඕන වුනා එකම එක වතාවක් ජන්කුක් ව මුන ගැහිලා හිතේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න.... එතනින් පස්සේ ජන්කුක් ගේ ජීවිතේ සතුට තියන්නේ වෙන කෙනෙක් ලග නම් ජන්කුක් ගේ සතුටට ඉඩ දෙන්න හරා හිත හදාගත්තා.... හරාට පුලුවනි පුංචි  අවුරෝරා එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න.... ජන්කුක් එක්ක දකින්න පටන් ගත්ත හීන හරාට පුලුවනි පුංචි රෝරී එක්ක හැබෑ කරගන්න.... හරා ට පුලුවන් දිගටම ලියන්න... ඇගිලි තුඩු පරඩැල් වෙනකන් කුරුටු ගාන්න හරාගේ හිත ඇතුලේ කාටවත්ම නොකියපු කථා ගොඩක් තිබුනා.....

✔♡HIDDEN ROSE♡ (JJK fiction)Where stories live. Discover now