....12th Rose....

710 208 40
                                    

තද නින්දක හිටපු ජන්කුක් එක සැරේටම ගැස්සිලා ඇහැරුනේ කාමරේ ඇතුලෙන් මොකක් හරි දෙයක් බිම වැටිලා පෙරලිලා යන සද්දෙට....ඇහැරිලා ටිකක් වෙලා ඇදේ උඩුබැලි අතට නිදාගෙනම වටපිට බලපු ජන්කුක් ගේ ඇස් නැවතුනේ හද එලිය වැටුන බිත්තියේ රදවල තිබුන පැරනි තාලේ ඔරලෝසුවේ.... වෙලාව රෑ එකොලහ පහුවෙලා විනාඩි පහලවක් විදියට සටහන් වෙලා තිබුනා.....

ඉද්ද ගැහුව වගේ ඇදේ කෙලින් වුන ජන්කුක් ඉක්මනින් නයිට් ලෑම්ප් එක ඔන් කලේ සද්දේ මොකක්ද බලන්න....

"හරාහ්!!"

කාමරේ මැද්දේ බිම වැටිලා හිටියේ හරා... කාමරේ පුරාම ඉහිරිලා ගිය චොක්ලට් කිරි වීදුරුවක් තවත් පැත්තකින් තිබුනා.....

"ආයිෂ් කුකී!! ඇදුම් ගලවලා බිමට වීසි  කරලා මොකද ආ? මගේ කොන්ද කැඩිලද කොහෙද..."

  අත ලග බිම තිබුන චොක්ලට් කිරි එකේන් ඉහිරිලා ගිය මාශ්මෙලෝ කෑල්ලක් කටට දාගෙන හපන ගමන් කට ඇදකරලා හරා කියනකොට ජන්කුක් ට හිනා ගියා....
හිනා වෙවීම අත දික් කරලා හරාව හෙමින් නැගිට්ටවපු ජන්කුක් තාමත් කොන්ද අල්ලගෙන කෙදිරි ගාන හරා දිහා බලාගෙන අත් දෙක බැදගත්තා....

"රෑ තිස්සේ ගෑනු ලමයි කොල්ලන්ගේ රූම්ස් වලට ඔහොම එනවද?"

ජන්කුක් කම්මුල් පුම්බගෙන ඇහුවා!! හරා ඇස් හීන් කරලා ජන්කුක් දිහා බැලුවා....

"ඇයි ආවම මොකද? මං ආවේ ඔයා ඩිනර් ගත්තේ නැති නිසා මේක දීලා යන්න!!"

බිම තිබුන මග් එක ඇහිදලා ගන්න ගමන් හරා නහය අකුලලා කිව්වා... ජන්කුක් හෙමින් හිනාවුනා....

"කවුද දන්නේ කාමරේ මැද්දේ උගුල් අටවලා තියනවා කියලා!!"

හිනාවෙන ජන්කුක් ට රවලා හරා ආයේමත්  කිව්වා...ජන්කුක් ඒ හිනාවෙන්ම හරා දිහා බලාගෙන හිටියා,  මොහොතකට ගොලු වුන හරාත් ජන්කුක් දිහාම බලාගෙන හිටියා....විනාඩි කීපයකට පස්සේ ආපහු නිහැඩියාව බින්දෙත් හරාමයි...

"කුකී!! ම්..මට දෙයක් අහන්න තියනවා!!"

හරා බිම බලාගෙන මිමුනුවා... ජන්කුක් ගේ හිනාව ඉබේම නැති වෙලා ගියා...

✔♡HIDDEN ROSE♡ (JJK fiction)Where stories live. Discover now