...15nth Rose...

725 186 29
                                    

____________________________________

ගෙවිලා යමින් තිබුනේ සුන්දර ශරත් සෘතුවේ සදුදා දවසක්..... උදේ ඉදලම තිබුන පොද වැස්ස එක්ක එලියට යන්න පුලුවන් කමක් තිබුනේ නෑ.... ඒ නිසාම දවල් කෑමෙන් පස්සෙ හරා ජන්කුක් එක්ක පුස්තකාල කාමරේට ආවා... මිසිස් ජේන් දැන් ලගකදි ඉදන්  කවදාවත් නැතුව  දවල් කෑමෙන් පස්සේ නින්දට යන එක ගැන හරා වද වුනත් ජන්කුක් කිව්වේ මිසිස් ජේන් ටත් විවේකයක් ඕන කියලා... ඒ නිසාම හරා ඒ ගැන දුරට හිතන එක අතෑරලා දැම්මා.....

පුස්තකාල කාමරේ උඩ තිබුන සොල්දර කාමරේ කියවන මෙට්‍රස් එක උඩ වාඩි වුන ජන්කුක් ගේ කකුල් දෙක අතරේ වාඩි වෙලා හිටපු හරාගේ අතේ තිබුනේ රුසියානු සුරංගනා කතාවක්.... රෝස් විලාවේ පුස්තකාලේ අධ්‍යාපනික පොත් ඇරුනම තිබුනේ පුංචි ඈයෝ කියන විදියේ පොත් විතරයි... ඒ අතරින් සුරංගනා කතා විශේෂයි.... ඒත් රුසියන් සුරංගනා කතා වල  වැඩි හරියක් තිබුනේ හරි ලස්සන ආදර කථා.. ...පුංචි වයසේදි කියවද්දි ඒවගේ ගැබුරු අර්ථයන් නොතේරුනත් දැන් දැන් හරා ට ඒවා තේරෙනවා..... ඒ නිසාම හරාගේ අතේ නිතරම ගැවසුනේ රුසියන් සුරංගනා කතා පොතක්.... හරාගේ ඉනවටේ අත්දෙක පටලගෙන උරහිසට නිකට තියාගෙන ජන්කුක් හිටියේත් හරා හීන් හඩින් කියවන කථාවට සම වැදිලා.....

"ඉවාන් හත් වෙනි මුහුද තරනය කරලා අවසන් වෙනවත් එක්කම ඔඩේලියා කුමරිය තම අවසන් හුස්ම වාතලයට මුදා හැරියා!!!"

හරා වෙව්ලන හඩින් දිගටම කියෙව්වා...පොත අල්ලගෙන හිටපු හරාගේ හීන් ඇගිලි වෙව්ලනවා ජන්කුක් දැක්කා....වචනයක් වත් නොකියාම ජන්කුක් හරාගේ ඇගිලි අතරේ ඇගිලි පටලගත්තා....

"ඒක නිකන් කථාවක් විතරයි හරායා!!"

හරාගේ කම්මුලේ හාදුවක් තියලා ජන්කුක් කිව්වා....

"මේක තමයි අන්තිම කතාව කුකී,  ඒකෙත් ආදරවන්තයෝ දෙන්නා එකතු වුනේ නෑ!!"

හරා හෙමින් කියනකොට, හුස්මක් ඉහල පහල දාපු ජන්කුක් විසි වෙනි වතාවටත් රියාගෙන් ආපු කෝල් එක කට් කරලා දාලා හරාව තව ටිකක් පපුවට තුරුළු කර ගත්තා.....
දවස් දෙක තුනකට සැරයක් ජන්කුක් කථා නොකලත් රියා අනිවාර්යෙන්ම ජන්කුක් ට කථා කලා....ඒ ගොඩක් වෙලාවල් වල රියා හිටියේ හොද සිහියෙන් නෙවෙයි කියන එක රියාගේ මත් වුන කටහඩින් ජන්කුක් තේරුම් ගත්තා..... සමහර වෙලාවට රියාගේ ඇමතුම් හිතට බරක් වුනත් ජන්කුක් රියාට ඒ ගැන දැනෙන්න දුන්නේ නෑ....

✔♡HIDDEN ROSE♡ (JJK fiction)Where stories live. Discover now