...19th Rose...

728 183 51
                                    

හරා පහුවදා උදේ ඇහැරුනේ ජන්කුක් ගේ සීතල තොල් මූන පුරා දගකරනකොට..... හෙමින් ඇස් ඇරලා ජන්කුක් දිහා බලපු හරාගේ කම්මුල් පුරා ලා රතක් ඉහිරිලා ගියා... හරාගේ මූන දිහාම බලාගෙන හිටපු ජන්කුක් ඇහිබැම නටවලා දිවෙන් තොල් තෙත් කරලා හිනාවුනා....

"ගුඩ්මෝනින්ග් ලව්!! "

අත් දෙකෙන්ම මූන වහගෙන ඉන්න හරාගේ අත් දෙක උඩ හාදුවක් තියලා ජන්කුක් කිව්වා....හරා මූන වහගෙනම ඔලුව වැනුවා....

"යාහ් මොකද මේ!!"

ජන්කුක් හිනා වුනා.. හරාගේ පුංචි පුංචි කෝලම් ජන්කුක් ගේ හිත තව තවත් ආදරෙන් පිරෙව්වා...ජන්කුක් දන්නවා හරාට මේ හැගීම් අලුත්.... ඒ වගේම ජන්කුක්ටත් මේ දැනෙන හැගීම් අලුත්....  ගෙවුණු  ආදරනීය රාත්‍රියේ විදපු හැගීම් ජන්කුක් වින්දෙත් ජීවිතේ පලවෙනි වතාවට... මීට කලින් සෙල්ලක්කාර කමට ඕන තරම් ගෑනු ලමයි එක්ක ජන්කුක්  අනුරාගී හෝරා ගෙවලා  තිබුනත් ඒ කිසිම තැනක ආදරේ තිබුනේ නෑ.... ඒත් හරා ලගදි ඒක වෙනස්... ජන්කුක් හරාට ආදරේ කලා.... ආදරේ එක්ක අනුරාගය කැලතුන ගෙවුණු ආදරනීය රාත්‍රිය ජන්කුක්ගේ හිතටත් හරි ලස්සන නැවුම් හැගීමක් අරගෙන ආවා...

"හරායාහ්!!! තව ටිකකින් අපි ආපහු යන්න ඕන ලව්!!"

තාමත් මූන හංගගෙන කෝලම් කරන හරාගේ අත් දෙකෙන් අල්ලගෙන ජන්කුක් කිව්වා...

"කුකී යන්න!!"

"වට්!! මොනාද කියන්නේ!!"

හරාගේ මූනෙන් අත්දෙක අයින් කරලා ජන්කුක් සද්දෙට ඇහුවා....

"කුකී ලෑස්ති වෙන්න මං එන්නම්!!"

හරා හෙමින් කිව්වා... එහෙමම හරාගේ මූන දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු ජන්කුක් හරාගේ තොල් වලින් ඉක්මන් හාදුවක් තියලා හරාගේ එහාපැත්තේ තිබුන බ්ලේසර් එක ඇදලා ලගට අරගත්තා...හරා ලොකු ඇස් වලින් බලාගෙන හිටියා..... බ්ලේසර් එකේ පොකට් එකෙන් රතු පාට වෙල්වට් බොක්ස් එකක් එලියට අරගත්ත ජන්කුක් බොක්ස් එක ඇරලා හරා දිහා බැලුවා.....හරා තාමත් කුතුහලෙන් ජන්කුක් දිහා බලාගෙන ඉන්නවා.....

"ආයිෂ් මං මේක මෙහෙම නෙවෙයි අහන්න හිටියේ, බට් උම් ඉට්ස් ඕකේ මේ තමයි හොදම වෙලාව!!"

✔♡HIDDEN ROSE♡ (JJK fiction)Where stories live. Discover now