...14nth Rose...

712 198 34
                                    

දවස් ගෙවිලා ගියේ අත්තටු ලැබුන වේගෙන්... ගිම්හානයේ අවසාන දවස් කීපය එලබිලා තිබුන නිසා හරා මුලු දවසම වගේ හිටියේ උද්‍යානයේ.... රෝස පදුරු කප්පාදු කරලා පදුරු වටේ සුද්ද කරලා දාන්න  හරාට මුලු සතියක් ම වැය වුනා.....  ඉඩක් ලැබෙන හැම වෙලාවකම ජන්කුක් ත් හරාට උදව් කරන්න අමතක කලේ නෑ....

වෙනදා වගේම අදත් හරා හිටියේ ගාඩ්න් එකේ රෝස පදුරක් කප්පාදු කරන ගමන්...  මෙච්චර වෙලා හරා පැත්තකින් හිටගෙන ඉන්න කොට ජන්කුක් ඒ වැඩේ කලත් හවස තේ වෙලාව ලං වෙනකොට හරා ජන්කුක් ව එතනින් පිටත් කලා.... තාමත් හරා මිසිස් ජේන් ඉන්න තැනක ජන්කුක් එක්ක කථා කරන්න අදිමදි කලා.... ඒ නිසාම හරා රෝස පදුරු ලග තනිවෙද්දී ජන්කුක් හෙමින් ඇවිදගෙන ගිහින් උද්‍යාන බංකුවක වාඩි වුනා...

ඊට ටික වෙලාවකට පස්සේ මිසිස් ජේන් තේ බන්දේසිය අරගෙන ජන්කුක් වාඩිවෙලා හිටපු තැනට ආවා....

"මිස් හරා කොහේද මිස්ටර් ජන්කුක්!!"

බන්දේසිය පැත්තකින් තියලා කප් වලට කොෆී වත්කරන ගමන් මිසිස් ජේන් ඇහුවා....

"මං දැක්කා අර පැත්තේ ඉන්නවා මිසිස් ජේන්!!"

උනු උනු ඉගුරු විස්කෝතුවක් දත් වලින් හපන ගමන් ජන්කුක් ඇගට පතට නොදැනී  කිව්වා... හුස්මක් ඉහලට අරගෙන උද්යානේ පුරා ඇස් යවපු මිසිස් ජේන් හරා නැවතිලා හිටපු රෝස පදුර දිහා බලලා ඉහලට ගත්ත හුස්ම පහලට දැම්මා... 

"මට මිස්ටර් ජන්කුක් එක්ක ටිකක් කතා කරන්න ඕන!!"

මිසිස් ජේන් ජන්කුක් දිහා බලලා කියනකොට ජන්කුක් කොෆි කප් එක තොල් අතරේ  රදවගෙන මිසිස් ජේන් දිහා බලලා ඔලුව වැනුවා....

"මං කෙලින්ම කතාවට එන්නම්!!.. මිස්ටර් ජන්කුක් අතරේයි මිස් හරා අතරේයි යාලු කමකට එහා ගියපු සම්බන්ධයක් තියන බව මං දන්නවා....!!"

මිසිස් ජේන් කියනකොට ජන්කුක් ට කැස්සක් හැදුනා...

"මොහ්!!! අහ්..."

"මං මේ,දේවල් රජතුමාට කියන්නේ නෑ!! ඒ වගේම ඒ සම්බන්ධෙට මගේ විරුද්ධත්වයක් නෑ!! ඒත්!!!"

මිසිස් ජේන් ඒත් කියලා හරා දිහා බලාගෙන ඉන්නකොට ජන්කුක් ක්ෂනිකව ඔලුව හරවලා මිසිස් ජේන් දිහා බැලුවා....

✔♡HIDDEN ROSE♡ (JJK fiction)Where stories live. Discover now