...13nth Rose...

793 199 66
                                    

සුන්දර වසන්ත සෘතුව හෙමි හෙමින් ගෙවිලා ගිහින් ගිම්හාන සෘතුව එලබුනත් හරාගෙයි ජන්කුක් ගෙයි ජීවිත වලට නම් තාමත් තිබුනේ වසන්ත සෘතුව.... හරා වගේම ජන්කුක් හිටියේත් ගොඩක් සතුටින්.... දවසින් දවස හරා කුක් ආදරේ හරි ලස්සනට දිග හැරුනා....

උදේ කෑම වෙලාවේ ඉදලා රෑ නින්දට යනකන් ම හරාගේ දවස ගෙවුනේ ජන්කුක් ගේ ඇස් මානේ... උදේ කෑමෙන් පස්සෙ මිසිස් ජේන් ට සමුදෙන හරා වෙනදට මැසිවිලි කිය කිය පටන් ගන්න එයාගේ ජපන් භාෂාව පාඩම් වලට දැන් ගොඩක් උනන්දුයි..... ඒ වගේම ජන්කුක්ත් ගොඩක් කැපවීමෙන් පාඩම් කියලා දෙන බව මිසිස් ජේන් කීප දවසක් අහම්බෙන් දැක්කා..... හරා පාඩම් වැඩ කරන අතරතුරේ ජන්කුක් ගේ ඇස් මොහොතකට වත් හරාගෙන් පිට ගියේ නෑ...ඉතින් ජන්කුක් හොද ගුරුවරයෙක් නෙවේද???

ඊටත් වඩා වෙනදට නිකරුනේ කාලේ ගෙවන ජන්කුක් දැන් වැඩි වෙලාවක් පුස්තකාල කාමරේ ගත කරනවා......  හරා එයාගේ විවේක කාලේ පොත්  කියවන්න වෙන් කරලා තියන බව දැනගත්තම ජන්කුක් ටත් කියවන්න ලොකු උනන්දුවක් ඇතිවුනා.... ඒත් දවසක් පුස්තකාල කාමරේ හිටපු ජන්කුක් ට එයාගේ  පපාගේන් ආව කෝල් එක මිස් වුන වෙලාවේ මිස්ටර් හේසෝක් මන්දිරේ ප්රධාන දුරකථනයට  කථා කරලා  මිසිස් ජේන් ගෙන් ජන්කුක් ව ඇහුවා....

"ඔහ් මාස්ටර් හේසෝක්,  මිස්ටර් ජන්කුක් මේ වෙලාවේ පුස්තකාලේ ඉන්නේ,  ඒ වෙලාවට කරදර කරන එක හොද මදිනේ!!"

මිසිස් ජේන් ගේ උත්තරෙන් මිස්ටර් හේසෝක් ට හාට් ඇටෑක් එකක් එන්න ආවා... මොකද කිව්වොත් පොතක පිට කවරේ දිහා විතරක් බලලා පොත පැත්තකින් තියන එයාගේ මුරන්ඩු  බේබ් විවේක වෙලාවෙදි පොත් කියවනවා කියලා කියද්දී!!! ඒක ටිකක් අසාමාන්‍යයි!!!

"ම් එහෙනම් අපි ඔයා ආස විදියට ලන්ඩන් වල පුංචි ගෙයක් ගමු, අපි දෙන්නාට විතරක් ඉන්න...."

පුස්තකාල කාමරේ උස ජනේලේ ලග හිටගෙන හිටපු හරාගේ ඉනවටේ අත් දෙක පටලගෙන හරාගේ උරහිසට නිකට තියාගෙන ජන්කුක් කිව්වා...

"නෝ කුකී,  අංකල් හොබීයි ඔයාගේ මාම් අපි හතර දෙනාම ඒ ගෙදර ඉමු!!"

හරා ඉක්මනින් කිව්වා...

"ම් අපි හතර දෙනා විතරක් හිටියම ඇතිද??"

✔♡HIDDEN ROSE♡ (JJK fiction)Where stories live. Discover now