...16nth Rose...

740 185 42
                                    

ඇස් දෙක ලොකු කරගෙන කටත් බාගෙට ඇරගෙන පහුවෙන පාරවල්  ගෙවල් කඩවීදී දිහා බලාගෙන ඉන්න හරා දිහා තවත් වතාවක් බලලා ජන්කුක් තනියම හිනා වුනා.... කලින් දවසේ හවස් වරුවේ මිසිස් ජේන් රෝස් විලාවෙන් පිටත් වුනේ ජන්කුක් අද උදේම සෝල් යනවා කියලා ස්ථිර කරගත්තට පස්සේ....

මිසිස් ජේන් ට මන්දිරේන් පිට යෙදිලා  තිබුන රාජකාරිය ගොඩක් වැදගත් එකක් කියලා ජන්කුක් ට හිතුනේ මිසිස් ජේන් දෙගිඩියාවෙන් වුනත් හරාව රැයක් තනියම ජන්කුක් එක්ක දාලා පිටත් වුන නිසා.....හිටි හැටියේ මන්දිරේ ප්රධාන දුරකථනය අක්‍රිය වුනාම මුලින්ම මිසිස් ජේන් කලබල වුනත් ජන්කුක් ගේ හිත හොද කමට එයා එයාගේ hand phone එක හරාට දීලා යන්න පොරොන්දු වූනාට පස්සේ මිසිස් ජේන් ජන්කුක් ට නොසෑහෙන ස්තූති කලා.... ඒත් තමන්ටත් සෝල් ගියාට පස්සේ හරාට කථා කරන්න ඕන නිසා ඒකට ස්තූති කරන්න එපා කියලයි ජන්කුක් කිව්වේ..... මේ දේවල් එක්ක මිසිස් ජේන් ගේ හිතේ ජන්කුක් ගැන තිබුන පැහැදීම තව තවත් වැඩි වුනා......

අද දෙසැම්බර් විසිතුන.... නත්තලට තව තියන්නේ එක දවසක් විතරයි.... ජන්කුක් හරාට පොරොන්දු වුන විධියට ම මිසිස් ජේන් ගියාට පස්සේ,  හරා එක්ක සෝල් යන ගමන් හිටියේ.... රෝස් විලාව පිහිටි මේපල් වනන්තරේ උස් ගේට්ටු කනු අතරින් ජන්කුක් ගේ වේරෝන් රථය එලියට එනවත් එක්කම පුදුමෙන් ඇස් ලොකු කරගත්ත හරා තාමත් ඒ විදියමයි.... ගමන අතරතුර ජන්කුක් ගොඩක් දේවල් කිව්වා වුනත් හරා ට ඒ කිසිම දෙයක් ඇහුනේ නෑ....

හරා හිටියේ අවට දර්ශනෙන් පුදුම වෙලා...බ්ලැන්කට් එකක ඔතපු පුංචි රෝස මලක් වගේ රෝස් විලාවේ ගේට්ටු පියන් අතරින් ඇතුලට ආපු හරා අද තමයි ඒ අදුරු මේපල් වනන්තරේන් එපිට ලෝකේ දකින්නේ.... උසට බැදුන කලු ගල් තාප්පෙන් එලියේ ලෝකේ මේ තරම් ලස්සන ඇති කියලා හරා හීනෙකින්වත් හිතලා තිබුනේ නෑ... නිදහසේ වීදි පුරා ඇවිදින ගැහැනු පිරිමි,  පුංචි දරුවෝ.... කඩ සාප්පු... ගෙවල්... මේ හැමදේම සුරංගනා කථා වලින් කියෙව්වට වඩා ගොඩක් වෙනස් කියලා හරාට දැනුනා... ඒත් හරා ඒ හැමදේටම කැමති වුනා.....

"කුකී!!"

එක දිගට පැය හතරක් වාහනේ ඩ්‍රයිව් කරපු ජන්කුක් පාර අයිනේ තිබුන නිස්කලංක කැෆේ එකක් ලගින් කා එක නැවැත්තුවා ට පස්සේ හරාගේ අවදානේ ජන්කුක් ලගට ආවා....

✔♡HIDDEN ROSE♡ (JJK fiction)Where stories live. Discover now