...20th Rose...

746 185 38
                                    

සතුටින් ම ආරම්භ වෙලා  සතුටින් ම අවසාන වුන දවස් ගෙවිලා ගියේ හීයක වේගෙන්....හරා සෝල් ගිහින් ඇවිත් දැන් මාස දෙකක් ගෙවිලා ගිහින්.. නත්තල ගෙවිලා ගිහින් වසන්තය උදා වෙලා.....ගෙවුණු හැම දවසකම හරා උදේට ඇහැරුනේ ජන්කුක් ගේ තුරුලේ.... තරමක් දිගට වැවුන කැරලි ගැහුන කොන්ඩේ මුන පුරා විසිරිලා, කටත් බාගෙට ඇරගෙන නිදාගෙන ඉන්න ජන්කුක් ගේ ඉස්සරහ දත් දෙක දිහා බලාගෙන තනියම හිනා වෙන හරා ජන්කුක් ගේ කම්මුල් දෙක තද කරලා අල්ලගෙන උල් වෙන තොල් වලට හාදුවක් තියලා ජන්කුක් ව ඇහැරවනවා.....

පාන්දර ඇහැරෙන්න වෙන එකට නෝක්කාඩු කිය කියම හරා එක්ක කෝලම් කරන ජන්කුක් මිසිස් ජේන් ගේ කටහඩ හරාගේ දොර ලගින් ඇහෙන කොට හරාගේ කාමරේන් එලියට දුවනවා....

වෙනදා වගේම අදත් රෑ මැදියමක් වෙනකන් බැල්කනි එකේ කාලේ ගෙවලා නින්දට ආවත් හරා හිටියේ නිදාගෙන හිටපු ජන්කුක්ගේ පපුව ගැහෙන හඩ අහගෙන ලොකු කල්පනාවක ගිලිලා.... ජන්කුක් මවලා දුන්න ලෝකේ ඇතුලේ හරා හිතින් ගොඩක් දුර ඇවිදගෙන ගියා.... ආයේමත් ආපහු හැරෙන්න බැරි තරම් දුර හරාගේ සිතුවිලි ඇවිදගෙන ගිහින් තිබුනා....හැම රෑකම ජන්කුක් නින්දට වැටුනම ඒ හදගැස්ම අහගෙන නොදැක්ක අනාගතේ ගැන  ජන්කුක් මවලා දුන්න හීන දිගේ දුරට යන්න හරා දැන් ඇබ්බැහි වෙලා.....

එක පාරටම හරාගේ සිතුවිලි ලෝකේ ඉහිරිලා ගියේ ඇද කෙලවරට වෙන්න තිබුන ජන්කුක් ගේ phone එක වයිබ්රේට් වෙන්න ගත්තු නිසා.....හෙමින් අත දික් කරලා phone එක අතට අරගෙන කෝල් අයිඩී එක චෙක් කරලා phone එක ජන්කුක් ගේ එහාපැත්තෙන් තිබ්බ හරාගේ මුවින් නොදැනීම බර හුස්මක් ගිලිහුනා....

ගොඩක්  දවසට ජන්කුක් ලග ඉන්න වෙලාවට ඒ නමින් ජන්කුක් ට ඇමතුම් එන බව හරා දැකලා තියෙනවා... ඒ වෙලාවට ජන්කුක් හරා ගාවින් ඈතට ගිහින් කෝල් වලට උත්තර දෙන දිහා හරා ඉවසිල්ලේ බලාගෙන ඉන්නවා.... හරා කවදාවත් කථා කලේ කවුද කියලා ජන්කුක් ගෙන් අහන්නේ නෑ වගේම, ජන්කුක් කතා කලේ කවුද කියලා හරාට කියන්නෙත් නෑ.....

අදත් screen එකේ සුපුරුදු නම දැක්කම ජන්කුක් ගේ ලගින් phone එක තියලා හරා ඇස් දෙක තද කරලා පියාගත්තා....  රියා!!!!වචනෙන් විස්තර කරන්න බැරි  නන්නාදුනන හැගීමක් හදවතේ එතිලා මැකිලා යද්දී හරා තව ටිකක් තදින් ඇස් දෙක පියාගත්තා....

✔♡HIDDEN ROSE♡ (JJK fiction)Donde viven las historias. Descúbrelo ahora