7nth...

767 194 43
                                    

"හ්...හ..හරාහ්!!"

ජන්කුක් අඩියක් ඉස්සරහට තිබ්බා... හරා හිටියේ සොල්දරේ උස රවුම් ජනේලෙන් එලියට ගිහින් වහලේ උඩ හිටගෙන....අත් දෙක දෙපැත්තට විහිදගෙන අහස දිහා බලාගෙන හිටපු හරා ඊලගට පහල බැලුවා..... ජන්කුක් ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා....

බැරිවෙලාවත්!! බැරිවෙලාවත් හරා එතනින් පනින්නද හදන්නේ!!? ජන්කුක් අඩියට දෙකට හරා ලගට දුවගෙන ගිහින් හරාගේ ඉනවටේ අත දාලා ලගට ඇදලා අරගෙන පපුවට තුරුළු කර ගත්තා.... ජන්කුක් ගේ පපුව වේගෙන් ගැහෙනවා.... අත් දෙකෙන්ම හරාව පපුවට තුරුළු කරගෙන ජන්කුක් මොහොතකට ඇස් පියාගත්තා....

හරා හිටියේ කිටි කිටියේ ජන්කුක් ගේ පපුවට හිර වෙලා....එක පාරටම සිද්ධ වුන දේ එක්ක හරා නොසන්සුන් වුනා... ඒත් ඊලගට ජන්කුක් ලගින් ආපු නමක් නොදන්න මෘදු කලෝන් සුවද හරාට දැනුනා.....ජන්කුක් ගේ පපුව වේගෙන් ගැහෙනවා හරාට දැනුනා.... ජන්කුක් ගේ අත් දෙක උරහිස් වටේ ශක්තිමත් ව පැටලෙද්දී හරාට පරිස්සම් හැගීමක් දැනුනා....
බොත්තම් කීපයක් විවර වුන ජන්කුක් ගේ පපුවේ උනුසුම කම්මුලට දැනෙන කොට හරාගේ ඇග දිගේ හිරියක් ගලාගෙන ගියා.... හරා නොසන්සුන් වුනා...හරාට මේ දැනෙන හැගීම් අලුත්.... හරාට ඒ හැගීම් දරාගන්න තේරුනේ නෑ.... හරාට ඕන වුනා තව තවත් ජන්කුක් ලග ඉන්න,  කිටි කිටියේ ඒ පපුවට තුරුළු වෙලා ඇස් පියාගන්න  .... කෑ ගහලා හිනා වෙන්න.... ඉකි ගහලා අඩන්න.... හරාගේ හිත නොසන්සුන් වෙලා.....

නොදැනීම හරාගේ ඇස් වලින් කදුළු බින්දු දෙකක් ගලාගෙන ගියා... හරා ලොකු හුස්මක් ඉහලට අරගෙන ඉකිය හංග ගත්තා... හරා ගැස්සුන පාරට ජන්කුක් කලබලෙන් හරාව පපුවෙන් අයින් කරලා හරාගේ මූනට එබුනා...

"හරා!! ඔයා අඩනවද? මට කියන්න මොකද වුනේ??"

හරා බිම බලාගත්තා.... හරාගේ කම්මුල් සුදු මැලි වෙලා... දිග කොන්ඩෙ තෙත් වෙලා... එලියේ යම්තමින් පොද වැස්සක් වැටෙනවා....

"කෝ එන්න ඇතුලට යමු ඔයාට සීතලයි!!"

හරාගේ උරහිස් දෙකට අත් දෙක තියලා හරා එක්කම ජනේලෙන් ඇතුලට ආපු ජන්කුක්, දැනටමත් විවර වෙලා තිබුන  සිපර් එක පන්නලා හූඩී ජැකට්  එක ගලවලා හරාගේ උරහිස් වටේ දාලා රවුම් ජනේලේ වීදුරුව පහලට ඇදලා වහලා දැම්මා.. .

✔♡HIDDEN ROSE♡ (JJK fiction)Where stories live. Discover now