...3rd Rose...

779 207 28
                                    

"මේක තමයි මාස්ටර් ජොන් ගේ තැන.... මං හැමදේම පිලිවෙලක් කරලයි තියෙන්නෙ...."

මන්දිරේට ම සම්බන්ධ කරලා හදලා තිබුන කොටසට නගින පියගැට පෙළ අවසානේ ලොකු බැල්කනි එකට ගොඩවෙලා මිසිස් ජේන් කියද්දී ජන්කුක් ඔලුව වනලා වටපිට බැලුවා...... ජන්කුක් හිටපු බැල්කනී එකට එහායින් තවත් බැල්කනී එකක් තිබුනා.... ඒ බැල්කනි එකේ තිබුන සුදුපාට ඔන්චිල්ලා ව උඩ වයලීන් එකක් වගේම සම් වැස්මකින් ආවරනය වුන ස්වර ප්‍රස්ථාර අඩංගු පොතක් තිබුන.... විවර වෙලා තිබුන පොතේ පිටු හුලගට එහා මෙහා පෙරලුනා..... පොතෙන් ඇස් අහකට අරගත්ත ජන්කුක් සුදු පාට ලේස් තිර වලින් ආවරනය වුන බැල්කනි එකට යාබද කාමරේ දිහා බැලුවා.....ජන්කුක් ට ඕන වුනා ආපහු වතාවක් ඒ දිලිසෙන නිල් ඇස් දෙක බලන්න....

ඒත් කාමරේ ඇතුලේ කිසිම හැලහොල්මනක් තිබුනේ නෑ!!!

"ඒ මිස් හරාගේ රූම් එක!!! මිස් හරා පුංචි කාලේ ඉඳලම හිටියේ ඒ රූම් එකේ, ඒත් දැන් පහල රූම් එකකට යන්න කාලේ හරි!!!"

ජන්කුක් හිටපු බැල්කනී එකට මුහුණ ලා තිබුන කාමරේ දොර අරින ගමන් මිසිස් ජේන් කියනකොට ජන්කුක් තොල කොනක් හපන ගමන් මිසිස් ජේන් ගේ පිටිපස්සෙන් ම කාමරේ ඇතුලට ගියා.....

"මිස්ටර් ජන්කුක් ටිකක් රෙස්ට් කරන්න!!"

අතේ තිබුන වීදුරු ඩිකැන්ටර් එක ටේබල් එක උඩින් තියලා මිසිස් ජේන් කියනකොට ජන්කුක් ඔලුව වනලා කාමරේ පැත්තක තිබුන සෝෆා එකෙන් වාඩි වුනා.....

"මිස්ටර් ජන්කුක් කෑම ගන්න වෙලාව මට ටිකක් කියන්න මං ඒ වෙලාවට ටේබල් එක ඇරේන්ජ් කරන්නම්!! මිස් හරා නම් උදේ පහට නැගිටලා හත වෙද්දි උදේ කෑම ගන්නවා, දහයයි තිහට තේ බොනවා, ආපහු දොලහයි තිහට ලන්ච් ගන්නවා, හතරට හවස තේ බොනවා රෑ අටට ඩිනර් ගන්නවා!!"

"ආහ්!!"

ජන්කුක් ඔලුව වැනුවා!! ඇත්තටම ජන්කුක් ගේ වැඩ වල පිලිවෙලක් තිබුනේ නෑ, විශේෂයෙන්ම කෑම බීම වල, දවස ගත කරන විදියේ එහෙම, ජන්කුක් හිතුන වෙලාවක ඇහැරුනා, හිතුන වෙලාවක කෑවා, හිතුන වෙලාවක නිදා ගත්තා.....

"මිස්ටර් ජන්ග්කුක්ට කරදරයක් නැත්නම් මං කැමතියි ඉදලා හිටලා වත් මිස්ටර් ජන්කුක් හරා එක්ක ඩිනර් ගන්නවා නම්.....!!"

✔♡HIDDEN ROSE♡ (JJK fiction)Unde poveștirile trăiesc. Descoperă acum