chapter 13

50 12 4
                                    

One month later

Savi pov

මාසයක් වුනා...අපි ඇක්සිඩන්ට් වෙලා දැනට මාසයක් වෙනවා.... මේ මාසේ අපිට කලින් හිටියා වගේ නම් ඉන්න බැරි වුනා... මොකද අපේ එක සාමජිකයෙක් අඩු නිසා....

මාව ඩිස්චාර්ජ් කරපු දවසේ තමා ඒගොල්ලෝ කොරියා වලින් ගිහින් තියෙන්නේ... ඒ ගැන මට කිව්වේ දවස් හතරකට පස්සේ....එතකන් මං හිතන් හිටියේ ලින් ඒගොල්ලන්ගේ ගෙදර ගිහිල්ලා කියලා...ඒ වගේම අනිතිම පාරට හම්බවෙලා කතා කරන්නත් බැරි වුන හේතුව මං දැන ගත්තා....අපි හැමෝම එදයින් පස්සේ ඔප්පලා තුන්දෙනා එක්ක තියා ඔන්නි එක්කවත් කතා කරේ නෑ.....හසොකි නම් දවසෙම ගත කරන්නේ කාමරේ...කලින් කරපු ගොං වැඩ එකක්වත් කරන්නේ නෑ....ලූනා....එයත් කාමරේමයි ඉන්නේ
....සමහර වෙලාවලට කන්නවත් එළියට එන්නේ නෑ......එතකොට ජූන්...එයා හිතන්නේ මේ ඔක්කොම එයා නිසා කියලා....එයාට අපි කොච්චර කිව්වත් මේක එයාගේ වරදක් නෙමෙයි කියලා එයා පිළිගන්නේ නෑ... සේහිත් හැමවෙලේම කරන්නේ කාමරේ හසොකි එක්ක ඉන්න එක.....එතකොට මම මිසෝ හන්යොන්ග්....අපි තුන් දෙනා කරන්නේ ඒගොල්ලන්ව බලා ගන්න එක.....

අපි තාම යුනි යන්න ගත්තේ නෑ....මොකද අපේ ලූනා එයාගේ අත ආයේ පාරගත්තා....ඉතින් එතකොට මට ඩොක්ටර් කිව්වා මාසයක් ගෙදර ඉදන් රෙස්ට් කරන්න කියලා....සේහිගේ කකුල ටිකක් තාම රිදෙන නිසා එයත් ගියේ නෑ....අපි ආයේ යුනි යන්නේ අනිද්දා....

Miso- සවී....අනික් අයට බ්‍රෙක්ෆස්ට් එක ගන්න එන්න කියන්න පුළුවන්ද??

Savi- ආහ් හරි ඉන්න....

එහෙම කියන් මං පඩිපෙළ ගාවට ගිහින් හයියෙන් කෑ ගැහුවා...

Savi- ළමායිකෑමගන්නඑන්නෝ......

Hanyoung- අඩෝහ් උබ රැප් කරනවද ඔතනට වෙලා.....හරියට ඇහෙන්න කියපන්කෝ..

Savi- හරි හරි යකෝ....කස්ටිය කෑම කන්න එන්නෝ.....

Hanyoung- අන්න එහෙම කියපන්....

Savi- පලෑන්න මගෙන් මුකුත් නාහා..

ටික්කින් හැමෝම පල්ලෙහට ආවා...හැබැයි ඉතින් ලූනා නම් ආවේ නෑ....

Miso- ලූනා කෝ??

Sehi- එයා එයාගෙ කාමරේ ඉන්නේ....

Savi- මිසෝ ඔයා කන්න ගන්න මං ගිහින් එයාව එක්කන් එන්නම්....

Next Door Neighbors [Straykids] (Completed)Where stories live. Discover now