(1 ) දීප්තිමත් දෑස්

2.1K 143 13
                                    

මගේ කතාවේ පනයි ඔයා........
💚❤️




"අවුරුද්දේ ආදරණීයම දවසේ ප්‍රේමණියන්ගේ දවසේ
ගතවන මේ හෝරා කිහිපය තව තවත් ආදරණීය කරන්න අද අපගේ වැඩසටහනට ඔබ කොයි කවුරුත් ආදරය කරන ඒ 'හදවතේ ගායකයට' මම ආරාධනා කරනවා..
පිලීගන්න මේ ඔබේ 'හදවතේ ගායකයා ෂියාඕ ශාන්"

පිලීගන්න මේ ඔබේ 'හදවතේ ගායකයා ෂියාඕ ශාන්"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Sean xiao zhan ❤️ වයස 28 )

නිවේදිකාවගේ ආරාධනය හමුවේ
රැස්ව සිටින සියලු රසික රසිකාවියන්ගේ අත්පොළසන් මැද්දේ මම වේදිකාවට පියමැන්නා

බලන බලන පැත්තේ රතු පාටින් දිලිසෙන ලයිට් එලි
Xiao Zhan කියලා ලියලා තියෙන පුංචි පුංචි බැනර්
ඒ මැද්දෙන් මගේ දෑස් නැවතුනේ කොළ, රතු මිශ්‍ර වුන YiZhan , BoZhan කියලා ලියලා තියෙන බැනර් ලග
හිතට කියාගන්න බැරි සතුටක් දැනුනේ මගේ නමත් එක්ක ඒයාගේ නම ලියවිලා තියෙද්දි

ඒ මුවගට නැගුන සිනහවත් එක්කම මම නිවේදිකාව අසල ඇති අසුනෙන් හිද ගත්තේ ඇයටත් ආචාර කරලා

" ඉතින් ශාන් මම කැමති ඔයාගේ ලස්සන කටහඩින් ගීතයක් අහන්න කලින් අද වගේ දවසකවත් ඔයාගේ ආදර කතාව ගැන අහන්න අකමැත්තක් නැතිනම් අපි හැමෝම ආසාවෙන් බලන් ඉන්නවා ඔය හදවතේ අයිතිකාරයා ගැන දැනගන්න"

මම පපුව පිරෙන්න ලොකු හුස්මක් ගත්තා
මම බලාපොරොත්තු වුන ප්‍රශ්නේ මම මග බලන් උන්නේ මේ ප්‍රශ්නේ අහනකන්මයි..
මට කියන්න ඕන මුලු ලෝකෙටම ඇහෙන්න කියන්න ඕන මගේ එයා ගැන

මම මයික් එක අතට ගත්තා
කොතනින් පටන් අරන් කොහොම කියන්නද මට හිතා ගන්න බැ

මම දෑස් පියාගත්තා
මගේ දෑස් පියවෙද්දිම මගේ මනසේ ඇදුනේ ඒ දෑස්

Stay With Me 💚❤️  (  Complete FF)  Where stories live. Discover now