(15) මගහැරීම

455 83 9
                                    

" ඇයි මේ කදුලු ඔයා මට මොනවද හන්ගන්නේ මගේ බනී"

එයාගේ කටහඩ ඇහෙද්දි මම ගැස්සුනා
ඉක්මනින් කම්මුල් දිගේ ගලන කදුලු පිහිදගත්තු මම එයාගේ මූණ දිහා නොබලම බොරු හේතු කියන්න ගත්තා

"මොනව හන්ගන්නද...එහෙම මොකුත් නැ"

"ඇත්තට එහෙනම් ඇයි කදුලු"

"ආ ඒකද මගෙ ඇස් දනවා මට හරි මහන්සියි නිදියගන්න ඕන යිබෝ"

"ඇත්තමද"

"බොරු කියන්නේ මොකටද...යිබෝ දැන් ඔයා යන්න"

"හිතේ එකක් තියන් කටින් තව එකක් කියන්න එපා බනී"

"ඔයාට විකාර..."

මට බැ එයාට බොරු කියන්න මට තේරෙන්නෙ නැහැ
මම බොරු කරන බව එයාටත් තේරෙනවා ඇති ඒත් මේක අපි දෙන්නටම හොදයි බෝ මම ඔයාගෙන් ඈත් වෙන්නම් අමාරුවෙන් වුනත්

මම එයා බැල්කිනියේ ඉද්දි කාමරේ ඇතුලට ඇවිත් ඇදට වැටුනා එහෙම්මම බ්ලැන්කට් එක යටට රින්ගපු මම තද කරලා ඇස් පියා ගත්තා

මම ඇතුලට ඇවිත් විනාඩි ගානකට පස්සෙ එයත් ආවා එයා බැල්කනියේ දොරත් ලොක් කරලා මගේ ඇද ලගට එනවා කියලා මට එයාගේ අඩි සද්දෙන් දැනුනත් මම නිදි වගේම තදට ඇස් පියාගෙනම හිටියා

ටික වෙලාවක් මගේ දිහා බලන් හිටපු බෝ බ්ලැන්කට් එකත් බෙල්ල ලගටම පොරවලා ලයිට් එක ඕෆ් කරලා ඩෙබල් ලෑම්ප් එක දාලා දොරත් වහන් එළියට යන්න ගියා
එයා ගියත් එයාගේ සුවද මුලු කාමරේ පුරාම ඉතුරු වෙලා

ඇස් අගින් වැටෙන කදුලු බින්දු කම්මුල් දිගේ පල්ලම් බැහැලැ එහෙම්මම මෙට්ටෙ උඩට වැඩිලා නොපෙනිලා යද්දි මම මගේ කදුළුවලට ගලන්න ඉඩ ඇරියා...

මට සමාවෙන්න බෝ

***

ඊළග දවසේ මම කලින්ම නැගිටලා ජෝන් ගාගට එන්න කියලා බෝ නැගිටින්නත් කලින්ම කන්පැනි එකට ආවා....ඉතින් දවස් දෙකක්ම මම ඒයාව මගඇරියා.........මට අකමැත්තෙන් වුනත් සිද්ද වෙනවා එයාව මගඅරින්න නැත්තන් මටමයි දරාගන්න බැරි වෙන්නේ

Stay With Me 💚❤️  (  Complete FF)  Where stories live. Discover now