(26) නොසිතු දෙයක්

413 67 9
                                    

ආදරණීයම රැයක් අවසානයේ තවත් දවසකට හිරු උදාවෙද්දි
ඒ පපුවට තුරුලු වෙලාම නිදන් උන්න මම අවදිවෙලා හිමින් සීරුවට ඇස් ඇරලා එයාගෙ මූණට වැටිලා තියෙන කෙස් රොදක් හිමින් සීරුවේ මූණෙන් අහකට කරා

දෙවියොත් හරි පරිස්සමට මවපු රුපයක් මගේ ඇස් ඉස්සරහා මට පෙනුනේ
බෝට තිබුනේ හිතක් නිවන්න වගේම අවුලන්න පුලුවන් රුපයක්....මගේ වීනස්
මගේ විතරමයි...

ඒ නළලට හාදුවක් දිලා ආදරේ වැඩි කමටම තව ඒ බෝල කම්මුල්වලටත් හාදු තවරපු මම බාත්රුම් එකට යන්න හිතාගෙන ඇදෙන් නැගිට්ටා

"ආව්හ්..."

ඒත් නැගිට්ටට වඩා වේගෙන් මම ආයෙත් ඇදට වැටුනේ දැනුන වේදනාවට කෑ ගැහෙද්දි

"මැණික..."

"බෝ බෝ.."

මගේ සද්දේ නිසා බයවෙලා අවදි වුන එයා ගොඩක් දුකින් මගේ දිහා බලන් හිටියේ
ඒ ඇස්වල ලාවට කදුළු පටලයක් තියෙනවා මට පෙනුනා

"ම..මට සමාවෙන්න බනී මම ඔයාට රිද්දු.."

"ෂ්.....මොනාද මේ කියවන්නේ ආ
මෙහම තමයි හැමෝටම පලවෙනි පාර නිසා...ටික වෙලාවක් මේ වේදනාව ඇරිලා යයි බොරුවට ඔයාට දොස් පවරගන්න එපා බෝ බෝ"

"ඒත්"

"මම කිව්වනේ තවත් ඒ ගැන කතා එපා හරී"

"ම්න්...කෝ එන්න යමු වොෂ් එකක් දාගන්න"

එයා මාව වඩාගෙන බාත්රුම් එකට එක්ක ඇවිත් හරි පරිස්සමට ඇගසෝදවලා එයාත් ඇගසෝදගෙන මාව ආයෙත් රවල් එකේ ඔතාගෙන හරියට චුටි බබෙක් වගේ හරහට වඩාගෙන ඇවිත් ඇදෙන් තිව්වා

"මොකද්ද අදින්නේ බනියෝ"

"ඔයා කැමති එකක් අනේ...මටනම් එක්කෝ ඇදුම් ඕනෙත් නැ වගේ"

"ඇත්තට.. හෙලුකුට්ටා වගේ ඉදලා ඔන්න ආයේ මාව අවුස්සගන්න තමා‍"

"හම්මෝ මටනම් බැ ඔන්න පස්ස පැත්ත නෑ වගේ"

"හැමදාම වගේ කරාම පුරුදු වෙයි"

"ආ ආ එහෙමද ආස"

"ඔව්නේ අනේ"

හවස් වෙනකල්ම මට ඇදෙන් බහින්නවත් නොදි එයා මට සැර කර කර බලාගත්තේ පොඩි දරුවෙක්ව බලා ගන්නවා වගේ කාමරෙන් බැල්කනියට ගියත් ආයෙත් බාත්රුම් එකට ගියත් එයා නෙවෙයි මට අඩියක්වත් බිම තියන්න දුන්නැ යන යන තැනට මේ අලිබබා වගේ ඉන්න මාව උස්සන් ගියා......ඇත්තමයි බෝට අද කොන්ද අමාරුව හැදිලා තමා නවතින්නේ

Stay With Me 💚❤️  (  Complete FF)  Where stories live. Discover now