(06) මතක

576 99 28
                                    

ගිටාර් එක අරගෙන එන්න කියලා මගෙ කාමරේට ගියා ගියාමයි එයා තාමත් නැ... දැන් හය හත් සැරයක්ම ගිහින් එන්න වෙලාව ගතවෙලා
එයාට කාමරේ හොයාගන්නවත් බැරුවද?

එයාට කාමරේ හොයාගන්න බැරි වෙන්න ඇති කියලා හිතපු මම කාමරේ පැත්තට ටික දුරක් ඇවිදන් යද්දිම එයා කතා කරා

"මම මෙහේ"

මම ආ පස්සට හැරුනා...එයා උන්නෙ මගේ පිටිපස්සෙ ඒකත් කොරිඩොවේ කෙළවරේ ඉදලා ගිටාර් එකත් උස්සගෙන දුවගෙන ආවා

"ඔයා මො.."

"ආ ගන්න"

එයා මොකද ඒ පැත්තෙන් ආවේ කියලා අහන්න හැදුවත් මට කතා කරන්න ඉඩ නොදුන්න එයා
මගෙ පැත්තට ගිටාර් එක දික් කෙරුවා..

මම මගෙ අතට ගිටාර් එක ගත්තා

"ඔයා ඇයි ඒ පැත්තට ගියේ ?"

"යන්න තහනම්ද?"

ඔය ඉතින් මෙයා එක්ක බැනේ අෆ්ෆා...මම එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවම එයත් ආපස්සට මගෙන් ප්‍රශ්නයක් ඇහුවා
තහනමක් නැ ඉතින්...ඒත් ගිටාර් එක ගෙන්න ගිය මනුස්සයා පොකුණ පැත්තට ගියෙ පොකුණු ඉන්න ඉස්ගෙඩියෝ ගනින්නයැ..

මම එයා මගෙන් යන්න තහනම්ද අහනකොට 'නැ' කියන්න වමටයි දකුනටයි ඔළුව වැනුවා

"රික්වෙස්ට් එකක් කරන්නද?"

ඒ පාර තව මොනවද ඉල්ලන්න හදන්නේ
ඉතින් මම ආයෙත් 'හා' කියන්න කටින් නොකියා එක සැරයක් ඔළුව උඩ පහත වැනුවා

"ගොළු භාෂාව පුරුදුවෙනවද?"

එයා මගෙන් ගොළු භාෂාව පුරුදු වෙනවද ඇහුවේ ලා වට හිනා වෙලා වෙද්දි ඒ හිනාව දැකපු මට උන් හිටුතැන් අමතක වෙලා
ඒ අහපු දේටත් මුලින් 'ඔව්' කියන්න ඔළුව උඩ පහත වනපු මම ආයෙත් 'නැ' කියන්න ඔළුව දෙපසට වනද්දි එයා හිනා වුනා...

අනේ එයා හරි ලස්සනට හිනා වුනා එකත් අර කට කොනින් දාන ලා හිනාව නෙවෙයි කටපුරාම හිනා වුනා

ආශ් මට ඒ හිනාව පෙට්ටියකට දාලා වහලා මා ලගම පරිස්සමට තියාගන්න හිතුනා..මට හරියට ලෝභ හිතුනා

"කෝලම"

"ඇහ්..??"

එයා ඇහෙන නැහේන ගානට මිමිණුවත් මගේ හා කන් වලට ඒක ඇහුනා..

Stay With Me 💚❤️  (  Complete FF)  Waar verhalen tot leven komen. Ontdek het nu