(07) අසල්වැසියා

551 97 27
                                    

හරි හැටි වෙන්නෙ මොකද්ද කියලා නොදන්න මම තාමත් එක තැන ගල් ගැහිලා වගෙ යීබෝ දිහාම බලාගෙන උන්නා

"නගින්න ශාන්...මම යන්නෙත් අපාට්මන්ට් එකට තමා.."

"හෑ???"

එයා කිව්වේ අපාට්මන්ට් එකට කියලද ඒත් මට එයා කිව්ව දේ හරි හැටි තේරුන්නැ

"අයියෝ ශාන් කාර් එකට නගින්න අනේ"

මම තවත් බලන් ඉන්න නිසාම එයා ටිකක් සද්දෙට කියද්දි ඇත්තටම එයාගේ සද්දෙට මම බය නොවුනා කිව්වොත් ඒක බොරු...ගැස්සුන පාරට ඒ මූණේ තිබුන බැල්මත් එච්චර හොද එකක් නෙවෙයි කියලා දැකපු මම ඉක්මනට කාර් එකට නැගලා පැසෙන්ජර් සීට් එකෙන් ඉදගත්තා

"සීට් බේල්ට් එක දාගන්න ශාන්... ප්‍රසිද්ධිය නීතියට ආදාල නැ"

"හ්ම්.."

හම්මෝ මෙයාගෙ සැර... ඕක ඔච්චර සද්දෙන් කියන්න ඕනද මගෙ කන් හොදට ඇහෙනවනේ..නයිමිරිස්ද කොහෙද තුන්වේලටම කන්නේ අනේ මන්දා බෝ මටනම් ඔයාව තේරුම්ගන්නම බැ

විනාඩි ගානක් යනකල් එයාවත් මමවත් කතා කරේ නැ කාර් එක ඇතුලේ දැඩි නිහඩියාවක් තිබුනේ..
කලර් ලයිට් ලග කාර් එක නතර කරද්දි එයා මෙතෙක් වෙලා තිබුන නිහැඩියා බින්දා...

"මමත් කලින් හිටියේ ඔයා ඉන්න අපාට්මන්ට් එකේමයි...ඉතින් අද එහෙම නවතිනවා"

"ඕහ්.. කොහොමත් දැන් රැවෙලානේ"

"ම්න්.. ශාන් ඔයා කොච්චර කල් ඉදන්ද නිවාසෙ හිටියේ?"

එයා මගෙන් එහෙම අහද්දි ඉබේටම මට එයා දිහා බැලවුනා...මම බලද්දි එයාගේ ඇසුත් තිබුනෙ මා ලග මම එයා දිහා බලනවත් එක්කම එයාගේ ඇස් ගැස්සුනා මට ඒක හොදට තේරුනා එයා ඉක්මනට ඉස්සරහා බලා ගත්තා

"මට මාස 6 ඉදන්ම මම ළමානිවාසේ හැදුනෙ"

"ම්න්..."

එතනින් පස්සෙ අපාට්මන්ට් එකට එනකල්ම අපි අතර නිහැඩියාව රජ කලා..

දෙන්නා එක්කම ලිෆ්ට් එකට ගොඩ වුනා.. මම පස්වෙනි තට්ටුවට යන්න 5 බටන් එක ඔබන්න හදද්දිම යීබෝ ඉස්සර වුනා..

එතකොට එයත් පස්වෙනි තට්ටුවේද..ඇයිද කියන්න නොතේරුනත් මට ඒකටනම් සතුටක් දැනුනා

Stay With Me 💚❤️  (  Complete FF)  حيث تعيش القصص. اكتشف الآن