(09) රැකවරණය

567 95 13
                                    

"රතු වෙලා"

"ඇහ්..?"

"ම්න් ඇස් රතු වෙලා තෙහෙට්ටු පාටයි ඔයාට"

හම්මො ඇති යන්තන් මම හිතුවෙම මගෙ මූණ රතු වෙලා කියලයි.. තෙහෙට්ටු පාට නැතිවුනොත් තමා පුදුම මට මාරම මහන්සියි දුවලා ගිහින් ඇදට වැටෙන්න තියෙනවනම් මට ඒ හොදටම ඇති

"යන්.."

"හ්ම්"

එයා වෑන් එකෙ දොර ඇරලා මට යන් කිව්වා
මමත් හූ මිටි තියලා බහින්න හදද්දි එයා මගෙ අතකින් අල්ලගෙන මාව බැස්සුවා.. යෝ මම ආයෙ වැටෙන්නෙ නැහැ අෆ්ෆා..කමක් නැහැ මමත් නිකන් තියෙන අතනෙ කියලා මමත් ඔන්න ඔහේ අල්ලගෙන යන්න දුන්නා

අපි තුන්දෙනා එක්කම ලිෆ්ට් එකට ආවමයි එයා මගෙ අත ඇතැරියේ
මෙච්චැ වෙලා යන්තමට රිදෙන්න ගත්ත ඔළුව ලිෆ්ට් එකට ගොඩ වුනා විතරයි පුදුමාකාර විදියට වේදලා දෙන්න ගත්තෙ.. වෙනදනම් ලිෆ්ට් එකෙ කොච්චර උඩ පහලට ගියත් අද ලිෆ්ට් එක උඩට යනවා දැනෙද්දි මගෙ ඔළුව කැරකෙන්න ගත්තා.. ආයෙත් වැටෙයි කියලා බයටම මම එයාගෙ අතකට වාරුවුනා

"ශාන් මොකද මේ ඔයාට අමාරුද?"

මගෙ වෙනස තේරුන එයා කලබලෙන් මාව අල්ලගෙන මගෙ කම්මුලකට තට්ටු කර කර ඇහුවා

"මගෙ ඔළුව රිදෙනවා බෝ ටිකක් කැරකිල්ලට වගෙ"

"ලෙලේ මගෙ ඩොක්ටට කතා කරලා ඉක්මනට එන්න කියන්න"

"හරි සර්.."

එයා ආයෙත් ඩොක්ට කෙනෙක් ගෙන්නන්න හදද්දි මම අමාරුවෙන් උන්නත් අමාරුව හන්ගගෙන එයාට එපා කිව්වා

"ඩොක්ටට කතා කරන්න එපා බෝ බෙහෙත් බිව්වම ඇරිලා යයි"

"පන්ඩිතකම් කියවන්න එපා"

මහා පුදුම නරකයෙක් තමා එයා මට සැර කරා...

මගෙ ගෙදර දොර ලගටම මාව වත්තන් කරන් ආපු එයා මට කතා කරා පාස්වඩ් එක අහන්න කියලා දන්න මම කෙලින්ම එයාට පාස්වඩ් එක කිව්වා

"බිංදු හතරක්"

මම බිංදු හතරක් කියද්දි එයා දොර අරින්නෙත් නැතුව මගෙ දිහා අගහරු වලින් ආපු අගහරු ජීවියෙක් දිහා බල බැල්මකින් බලන් උන්නා

Stay With Me 💚❤️  (  Complete FF)  Donde viven las historias. Descúbrelo ahora