(08) සුවද

559 94 16
                                    

මන් ලගට ඇවිත් මගෙ මූණට එබුන එයා

"එහෙනම් ඔයා කැමති වෙන කිස් වලටද ම්ම්?"

මම බය වුනා ඇත්තටම එයාගේ උණුසුම් හුස්ම මගේ උවනට වදින තරමටම එයා මට ලංවෙලා ඉදිද්දි මගෙ හදවත එකසියගානට ගැහෙන්න ගත්තා

මම මගෙ පපුවට අතක් තියාගත්තා...මට බයයි මගෙ හදවත ගැහෙන සද්දේ එයාටත් ඇහේද කියලා ඒ තරමටම සද්දෙන්

ලබ් ඩබ් ලබ් ඩබ් ... ගාලා සද්දෙන් හදවත ගැහෙනවා මම හරිම කලබලයි දැන් මම එක දිගට නොනවත්වාම ඇස්පිල්ලම් ගැහුවා ඒක මගෙ පුරුද්දත් මම කලබල වුනාම එහෙමයි

මට මෙහෙම ඉන්න අපහසුයි මෙච්චර ලගින් එයාව දකින්න මට බැ.. මම කෙදිරිල්ලකින් වගෙ ඒයාට කතා කෙරුවා

"අනේ බෝ...."

"ඉස්නර වගේමයි"

එච්චරයි එයා 'ඉස්සර වගේමයි' ඒ වචන දෙක කියපු එයා මගෙන් ඈත් වුනා.. මොකද්ද එයා ඒකෙන් අදහස් කරේ
මම තාමත් උන්නේ අන්දමන්ද දූපතේ ඉදන් ආපු එකෙක් වගේ ශොක් වෙලා

"මම යනවා දොර ලොක් කරගන්න.."

එයා එහෙම කියාගෙන දොර ලගට යද්දි මමත් එයා පස්සෙන්ම ඇදුනා
අඩුම ස්තුතිවත් නැ.. ඇයි යකෝ මගෙ නින්දත් කඩලා කෝෆිත් බිලා තව මගෙ අහිංසක චොකලට් බිස්කට් එකටත් වැඩේ දීලා මාව අන්දමන්ද දූපතටත් වටයක් යවලා දැන් එයා යන්න හදනවා.. ස්තුතියි කිව්වම පැත්තක් යනවද නැනේ ඉතින් කොහෙද තියෙන ලොකු කම මේකගෙ

"කිස් එකේ නම මොකද්ද?"

යන්න කියලා දොර ලගටම ගිය මනුස්සයා ආයෙත් පිටිපස්සට හැරිලා මා දිහා බලලා හිනා වෙලා එහෙම අහද්දි මට අසුහාරදාහටම තද වුනා ඇයි යකෝ වචනයක් අල්ලන් නහින්නෙ

"අනෙ යීබෝ වචනයක් වැරදුනා කි.."

"කලින් වගෙ බෝ කියන්න ඒකට මන් කැමතියි"

මොන මගුලක්ද මේ ඇයි යකු කියන්න හදපු දේ කියන්න නොදි ආයෙත් වෙන මගුලක් ඇදලා ගන්නවා
දැන් මම එයා කැමති විදියටද එයාට කතා කරන්න ඕන.. මල කෝලම් ඇයි මේක එයාට ගිය රටනේ
බෝත් නෙවෙයි යීබෝත් නෙවෙයි ඉබ්බා ටවුසෙනම් ඉබ්බෙක් නිකන් නෙමෙයි ගල් ඉබ්බෙක් මහා

Stay With Me 💚❤️  (  Complete FF)  حيث تعيش القصص. اكتشف الآن