(29) එයාගේ හීනෙ

381 65 3
                                    


"මේක ඇවිල්ලා කැන්සර් එකක් නෙවෙයි ශාන්....ඔයාට අවස්තාවක් තියෙනවා
මම ඔයාට පොරොන්දු වෙනවා ඔයාව හොද කරනවමයි කියලා"

මට ඩොක්ට බ්‍රයිට්ගේ කටහඩ නිකන් ඇහුනේ හීනෙන් වගේ...අනේ මට මේ ඇහෙන දේ ඇත්තක් නේද
ඒ කියන්නෙ අන්තිමට දෙයියොන්ටත් දුක හිතිලා මා දිහා බලලද

මට දැනුන සතුට කොච්චරක්ද කියලා මට කියාගන්න බැ...මට කෑ ගහලා උඩපනින්න හිතුනා අනේ බෝ බෝ මට ඔයාව දාලා යන්න ඕන වෙන්නැ කියලා එයාට කෑ ගහලා කියන්න හිතුනා

හිත ඇතුලෙන් කොච්චර සතුටකින් මම උඩ පැන්නත් පිටතට පෙනුනේ මගේ ඇස්වලින් වැටෙන කදුලු විතරයි

"මම කිව්වනෙ බයවෙන්න එපාය කියලා...අහන්නකො ශාන් අපිට දැන් වැඩ ගොඩාක් තියෙනවා කරන්න හරී...."

"අනේ ම..ම ඕන දෙයක් කරන්නම් බ්‍රයිට් මට උදව් කරන්න මට ජීවත් වෙන්න උදව් කරන්න"

"මම පොරොන්දු වුනානේ කෝ දැන් ඔය කදුලු පිහිදගන්න හයියෝ superstar කෙනෙක් නේද මේ අඩන්නේ"

බ්‍රයිට් මට විහිළු කරද්දි අවන්කවම මම හිනාවුනා හරිහැටි නින්දක් නැතුව කෑමක් නැතුව ඔහේ හිත හිතම හිටපු මට අද හිනාවෙන්න පුලුවන් වුනා

"මෙහෙමයි ශාන් ඇත්තටම කියන්න තියෙන්නෙ ඔයා ගොඩක් වාසනාවන්තයි මොකද ඔයාගේ ලෙඩේ අපිට මුල්ම අධිරෙදියි අදුනගන්න පුලුවන් වුනේ...තව පහුවුනානම් ඩෙන්ජරස් වැඩි"

"දැන් ඇත්තටම මොකද්ද ඩොක්ට මගෙ අසනීපේ.."

"brain tumor එකක් මොළේ ගෙඩියක්
ඔයාට මේ ලෙඩේ ඇති වෙලා තියෙන්නේ ජානවලින් වෙන්න ඕන ශාන් මොකද අනිත් මේ ලෙඩේ ඇතිවෙන්න අදාල කිසිම හේතුවක් ඔයා ලග නැ....
මේකත් කැන්සර් එකක් වගේම දරුනුයි තමයි ඒත් අපිට සතුටු වෙන්න පුලුවන් මේ තාම ඒක මුල් අවදියේ තියෙන්නේ"

"එතකොට මොකද්ද මේකට කරන්න පුලුවන් ට්‍රිට්මන් ඩොක්ට"

"අපි කෙලින්ම සර්ජරි එකකට යන එක තමයි හොදම දේ මොකද බෙහෙත් වලින් මේක සම්පුර්ණ සුව කරන්න බැ තාවකාලිකව වර්ධනය වෙන එක නවතින එක විතරයි වෙන්නේ....ඒත් සජරි එකෙන් පස්සෙ අතුරු ප්‍රතිඵල බොහෝ දුරට ඇති වෙන්න පුලුවන්"

Stay With Me 💚❤️  (  Complete FF)  Where stories live. Discover now