(20) අපි අපේනේ

442 76 4
                                    


සුභ නැකතින් අලුත් සිතුවිලි දෝරෙ ගලන
දීර්ඝායු ලබමින්
ජීවත් වෙන්නට ගත සිත
සැමගේ සුවපත් වන
සිත් සතුටින් පිරී යන
ආදරය සෙනෙහස උතුරන
ලබන්නා වූ
සිංහල හින්දු නව වසර
ඔබ සැමට
සාමය සතුට පිරි
සුභම සුභ නව වසරක් වේවා!

💜🌻

🌞🌾🌞🌾🌞🌾🌞🌾🌞🌾

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌞🌾🌞🌾🌞🌾🌞🌾🌞🌾

✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨



"බෝ..."

"බෝ බෝ"

"ලියෝ.."

"යාහ් ගල් ඉබ්බෝ කතා කරපියකෝ"

රැ එකම ඇදේ නින්දට වැටුනු අපි දෙන්නගෙන් පහුවදා උදේ මුලින්ම අවදි වුනේ මම
උදෙන්ම මගේ ඇස්වලට පෙනුනේ එයාගේ රුපේ වෙද්දි ඒ පපුවේ උණුසුමට එයාට තුරුළු වෙලා උන්න මගේ හිත පිරුනා

මට ඕන හැමදාකම දවසක අවසානයේ උදාවෙන රැට මගේ ඇස් පියවෙද්දිත් දවසක ආරම්භ වන උදයක මගේ ඇස් ඇරෙද්දිත් එයාගේ උණුහුම ලග ඉදගෙන ඒ රුපේ දකින්නයි

එයාට කලින් මම නැගිට්ටත් ඒ පියවිලා තියෙන ඇස් එක්ක ඒ මුණේ තිබුන සාමකාමී බව මට තනිකරම භාවනාවක් වෙද්දි මටත් නොදැනිම මම පැය බාගයකටත් වඩා එයා දිහාම දැහැනකට සමවැදිලා බලන් ඉදලා මගේ දැහැන සුනුවිසුනු වුනේ ජෝන් ගාගේ කෝල් එක නිසා

ඇත්තට වෙලාවකට මේ ගාගත් වදයක්
ඇයි නිකන් හරියට මම ගැන හොයන්නේ මගේ ගෑණි වගේනේ

වැරදුනානේ මට කොහෙද ගෑණියක් මට ඉන්නෙ මිනිහෙක්නේ
යාහ් මමත් මොනවා හිතනවද මන්දා ජැල්ලාවෙත් බැ....

මේ ගෙවුන ටික කාලෙට මම තේරුම් ගත්ත එක දෙයක්නම් මගේ ඇතුලාන්තේ ඉන්න මමත් නොදන්න මගේ දගකාර චරිතේ බෝ ඉස්සරහදි නිකන්ම එළියට එනවා...මම හරි ආසයි එයා ලග හුරතල් වෙන්න කෝලන් කරන්න කොටින්ම කියනවනම් අවුරුදු නවය දහසේ පොඩි කොල්ලෙක් ගානට වැටෙන්න

Stay With Me 💚❤️  (  Complete FF)  Where stories live. Discover now