(05) අහබු හමුවීමක්

567 104 12
                                    

ජෝන් කෑ ගැහුවත් ආයෙත් එයා දිහාවට බැල්මක්වත් නොදි ඉක්මනින් පාර මාරුවෙලා මම ආවේ toy shop එකට..

ළමා නිවාසෙට යද්දි මට නිකන්ම ඒ පුංචි පැටව් ටික බලන්න යන්න එක හිතට හරි මදි වගේ දැනුනා
මහා ලොකු දේවල් කරන්න තරන් ලොකු වත් කමක් දැනට නැති වුනත් තියෙන විදියට මට ඒ පුංචි පැටව් ටිකව සතුටු කරන්න ඕන වුනා..

"සර් මොන වගේ toy's වර්ගද බැලුවේ?"

ගන්නේ මොනවද කියලා හරි හැටි නොතේරුන මම වට පිට බල බල කල්පනා කරද්දි මගේ වෙලාවටම ශොප් එකේ ස්ටාෆ් එකේ කෙල්ලෙක් මන් ලගට ආවා..

"මට ඕන එකම ජාතියෙන් 25 ක් විතර.. ආ මේ බනී හොදයි මට මෙකෙන් 25 ක් පැක් කරලා දෙන්නකෝ ඉක්මනට"

හරි හුරුබූහුටි හා පැංචෙක් මට දැකපු ගමන් ආස හිතුනා.. කොහොමත් නිවාසේ ඉන්න පැටව් මට බනී ගගා කියන්න පුරුදු වෙලා උන්නා ඉතින් හාවෙක්වම දුන්නොත් ඒයාලට මාව අමතක වෙන එකක් නැ කියලා මට හිතුනා..

බිල ලෙවලා ඉවර වෙලා හා පැංචෝ ටිකව දාපු තඩී බැග් දෙක අත් දෙකෙන්ම උස්සගෙන මම ආයෙත් ඉක්මනට කාර් එක ලගට ආවා...

"ඉතින් ඕවා ගන්නද මාවත් දාලා ගියේ පොඩි සර්?"

ජෝන් ඇහුවේ මා එක්ක තරහින්..
මට හිනාත් එක්ක මේ මනුස්සගේ වැඩ වලට හරියට පොඩි එකෙක් වගේ එහෙම අහලා මටත් රවලා අහක බලා ගත්තා..

"මට බය හිතුනා ගාගව එක්ක ගියොත් ඔයා ඒ සෙල්ලම් බඩුවලට පිස්සු වැටිලා එක්ක එන්න බැරි වෙයි කියලා"

"අනේ ඉතින් මම කියන්නැ පොඩි සර්ට.."

"පුපුරයි... කෝ ඉතින් යමුකො ගගා..."

*
*

"එන්න ඕන වෙලාවට කෝල් එකක් දෙන්න පොඩි සර්..පරිස්සමෙන් හරිද"

ළමා නිවාසේ ගේට්ටුව ගාවින් මාව දාලා ජෝන් යන්න කලින් කන පිරෙන්න එකම දේ දහා වතාවකට වඩා කියෙව්වා

"හරි හරි ගගා මම ගන්නම්.. කෝ දැන් යන්න
පරිස්සමෙන් හොදේ...."

ජෝන් යන්න ගියා..
ගේට්ටුව ගාව උන්න සිකුරිටි අංකල්ට මාව අදුනගන්න බැරුව ඇස් හීනි කරලා මා දිහා බලනවා.. හරි ඉතින් කොහේ අදුරන්නද කලු කුමාරයා වගේ ඇදගෙන තම මාස්ක් එකත් දාගෙන

Stay With Me 💚❤️  (  Complete FF)  Tempat cerita menjadi hidup. Temukan sekarang