(18) එයත් ආදරෙයි

464 80 4
                                    


"ආයෙ අතැරගන්නැ මගේ හුස්ම වැටෙනකල්ම.....ඔයා මගෙ"

එහෙම කියපු බෝ මට හිතන්නවත් වෙලාවක් නොදී මගේ යටිතොලට පහලින් තියෙන මෝල් එකට හාදුවක් තිබ්බා....
වෝට් තිස්තුන්දාහක්ම ඇගට වැදුනා වගෙයි මට දැනුනේ..

"ම්ම්හ්..."

එයාගේ පුංචි ස්පර්ශයකටත් සංවේදි වෙන මට එයා දුන්න දෙතොල් හාදුවක් නොවන හාදුව නිසා මගේ කටින් පිටවුන කෙදිරිය නවත්තගන්න බැරි වුනා

"බෝ..."

"ම්න්"

"ම..ට යන්න ඕන"

ක්ෂනික හාදුව දුන්න එයා ආයෙත් මගෙන් ඈත් වෙද්දි බිම බලාගෙනම කතා කරපු මම මට යන්න ඕන කිව්වා
මට ඕන දැන් බෝ ලගින් ඉක්මනට වෙන කොහෙට හරි දුවන්න

"කොහෙ යන්නද බනී"

" මට වොෂ් එකක් දාගන්න ඕන මම යනවෝ.."

එයා තව මොකුත් කියන්නත් කලින් මම පිටිපස්සවත් නොබලා කෙලින්ම මගේ ගෙදරට දුවන් ඇවිත් කාමරේට පැනලා දොර වහගෙන ඇදට පැන්නා

මට දැනෙන හැගීම කියාගන්න මට තේරෙන්නැ අවුරුදු ගානකට කලින් මගෙයි කියන්න මට උන්න එකම කෙනා අද මගෙ ආදරේ දෙවියෝ මට මොන දේවල් නැති කරත් මම සතුටු වෙනවා මට ඔයාව දුන්න එකට බෝ

එයාගේ හාදුව මතක් වෙද්දි මට දැනුන ලැජ්ජාවට මම ඇද පුරාම ඒ පැත්තට මේ පැත්තට කැරකි කැරකි මුලු ඇද පුරාම දැගලුවා... මට දැනුනේ එවෙලේ මගේ බඩ ඇතුලේ සමනල්ලු පියාඹනවා වගෙයි

ඇයි බෝ ඔයා එහෙම කරේ මට හිතාගන්න බැ පොඩිකාලේ එහෙම නැනේ
අනේ ඔයත් මට ආදරේ කරනවා වෙන්න බැරිද

පිස්සු විකාර හිතන්න එපා ශාන් එයා එහෙම නැ

මමම මගේ ඔළුවට පාරක් ගහගත්තා...

දැන්නම් බඩිගින්නකුත් එනවා වගෙයි.....වොෂ් එකක් දාගෙන මොනව හරි හදන්න ඕන ම් බොබෝ ආස දෙයක් හදන්න ඕන

***
වොෂ් එකක් දාගෙන ආපු මම කෑම හදන්න කුස්සියට එද්දිම බෝ ආවා
මට දැන් කෙලින්ම එයා දිහා බලන්නත් ලැජ්ජයි වගේ.....
ඒත් විකාර නොකර එයාට වෙනසක් නොදැනෙන්න හැසිරෙන්න ශාන්

Stay With Me 💚❤️  (  Complete FF)  Where stories live. Discover now