පැය ගානක නින්දකට පස්සෙ මම අවදි වුනා...කලින් තරමට නැති වුනත් යන්තමින් වේදනාවක් දැනුනත් මම වැඩිය ඒක ගනන් නොගෙන තාමත් practice ගිහින් ආපු බෝ බෝ ඒ ඇදුම් පිටින්ම ඉදන් මගේ ඇදට ඔලුව තියාගෙන මහන්සියටම නිදාගෙන ඉන්න විදිය දැක්කම මගේ පපුව පිච්චිලා ගියා
අනේ රත්තරනේ මට දුක ඉවසන්න බැරි නැ ඒත් මම ප්‍රාර්ථනා කරන්නේ ඔයාට දුකක් නොදෙනෙන විදියේ මේක පුංචි අසනීපයක් වෙන්න කියලයි
දැන් රිපෝට් ඇවිත් ඇති...එයාට අවදි නොවෙන්න හිමින් සීරුවට පරිස්සමෙන් ඇදෙන් බැහැගත්තු මම කාමරෙන් එළියට ආවා
"පොඩි සර්.."
මම ගැස්සුනා...නරක වැඩක් නොවුන්‍් එයාට හොරෙන් කාමරෙන් පැනපු මම ඊළග පාර දොර ලගම වාඩි වෙලා උන්න ලෙලේ අංකල්ව දැකලා ගැස්සිලා ගියා
"ලෙලේ..මම මේ ඩොක්ටව හම්බවෙලා එන්න බෝ බෝට නින්ද ගිහින් ඔයත් තාම කාලා නැනේ ලෙලේ අංකල් අනේ කැෆටේරියා එකට ගිහින් ඔයත් කාලා අපි දෙන්නටත් කෑම එකක් අරන් එන්න.."
"හරි පොඩි සර් එන්න යමු මම ඩොක්ටගේ රුම් එක ලගට එක්ක යන්නම්"
"ඕන නැ ලෙලේ අංකල් මම යන්නම්.."
"හරි එහෙනම් පරිස්සමෙන්"
කොහොම හරි ලෙලේ අංකල්ගෙන් ගැලවුන මම කෙලින්ම ආවේ ඩොක්ට කෙනෙක්ව හොයාගෙන
"ශාන්"
ඒත් කොරිඩෝව දිගේ ඇවිදන් ගිය මට ඉස්සරහට මුණගැහුනේ ඩොක්ට යැන්සි
"ඩොක්ට යැන්සි"
මනුස්සයෙක්ට ජීවත් වෙන්න තිබ්බ එකම බලාපොරොත්තුවත් නැති වුනොත් ඒ කෙනාට කොහොම දැනේවිද
මම දන්නැ මට මෙවෙලේ දැනුනේ මගේ හුස්ම කවුරුම හරි උදුරගන්නවා වගේ හැගීමක්...
ඩොක්ට යැන්සි එක්ක මාව චෙක් කරපු ඩොක්ටව මුණගැහෙන්න ආවහම එයා කියපු දේවල් එක්ක මට දැනුනේ මගේ මුලු ලෝකෙම කඩන් වැටෙනවා වගේ හැගීමක්
"අහන්න ශාන් අපිට තාම ශුවර් කරන්න බැ මේක කැන්සර් එකක්මද කියලා තව ටෙස්ට් දෙක තුනක් කරන්න වෙනවා...මොනවා වුනත් ඔයා හිතින් වැටෙන්න එපා ශාන් අද වෛද විද්‍යාව දියුණුයි"
YOU ARE READING
Stay With Me 💚❤️ ( Complete FF)
Fanfictionහදින්ම දිව්රමි.. ලෙයින් ලියා දෙමි.. සසර පුරා.. මගේ ඔයා.. මගේ කතාවේ.. පණයි ඔයා.. 💚❤️ ❤️💚