(13) ලස්සන මතක

464 85 21
                                    

"මම ඔයාගෙ බනීද බෝ?"

මම ඇහුවා නෙවෙයි මට ඒක ඉබේටම ඇහුනා
එයා අර මාව පිස්සු වට්ටන හිනාව දැන්මා හරි ලස්සනට හිනා වුන එයා මගේ නහය මිරිකුවා

"බනී බෝගේ"

..............

තවත් මාසයක් ගෙවිලා ගියේ හරි හැටි නමක් නොදන්න බෝගෙයි මගෙයි බැදීම තව තවත් ශක්තිමත් වෙමින්.....අපි දෙන්නම අපි දෙන්නට ගොඩාක් ලන්වුනා පිටත ලෝකේ මිනිස්සුන්ට අපිව පෙනුනෙ හොදම යාලුවෝ වගේ ඒ වුනත් මගෙ හිත කියන්නෙම මේ බැදීම යාලුකමට එහා ගිය එකක් කියලයි

මම මගේ කලා ජීවිතේ හිතුවට වඩා ඉක්මනින් හොද තැනකට ආවා ඔව් මම දැන් ජනප්‍රියයි...පමනක් අයනම් කියනවා ඒ බෝ නිසා කියලා ඒත් බෝත් මමත් අපි දෙන්නම හොදින් දන්නවා අපි අපේ වෘතීය ජීවිතෙයි පෞද්ගලික ජීවිතෙයි තාම පටලවගත්තේ නැ කියලා

අපි එකම කන්පැනි එකේ වුනත් මගේ debate එක දවසේ show එකෙන් පස්සෙ අපිට එකට වැඩ කරන්න හම්බ වුනේම නැ
කොහොමත් මම මියුසික් එයා ඩාන්සින් ඉතින් අපි දෙන්නා අංශ දෙකකිනුයි ඉස්සරහට ලියේ..

ඒ ලොහොමවුනත් කන්පැනිය ඇතුලෙදිත් අපාට්මන්ට් එකේදි වගේම අපි දෙන්නා ගොඩාක් ලගින් උන්නා
ඉතින් ඒ නිසාම තමයි අපි best friend ලා කියලා හරි ඉක්මනින් fans ලා අතර පැතිරුනේ

කොයි තරන් වැඩ තිබුනත් අපි නිදහස් වෙලාවක් හමුබ වුන ගමන්ම අපි ගැන හොයලා බලනවා ඒක පුරුද්දක් වෙලා ඒ විතරක් නෙවෙයි ගෙවුන මාසෙට තව හරි හරි පුරුදු තමා එකතු වුනේ

එයා අනිවාරෙන්ම උදේට මගෙ ගෙදරටම එනවමයි එයාගේ කෝෆි එක බොන්න....ඔව් ඔව් ඉතින් famous idol wang yibo ට තාමත් තමන්ගේ කෝෆි මැෂින් එක හදාගන්න බැරි වෙලා

ඉතින් එකෙන් වුනේ මගේ වැඩ වලට තව එක වැඩක් එකතු වුන එකයි මගේ අකමැත්ත කැමැත්තක් වුන එකයි

ඔව් මම දැන් හැමදාම එයාට කෝෆි හදන්න ඕන තව ඉතින් ජීවිතේට කෝෆි නොබිපු මමත් දැන් ඒකට ඇබ්බැහි වෙලා හරියට මම බෝට ඇබ්බැහි වෙලා වගේම

මම කෝෆි බොන්න පටන් ගත්තු දවස මට හොදට මතකයි

එදා මට නිවාඩු දවසක් ඉතින් කම්මැලි කම නැති කරගන්න මම කේක් එකක් හදන්න ට්‍රයි කරා
හිතුවට වඩා වැඩේ ගොඩ ගියා ඉතින් මම හා හාපුරා කියලා හදපු චොකලට් කේක් එකත් තියාගෙන අඩුම මමවත් රස නොබලා බලන් උන්නේ
එයා එනකල්

Stay With Me 💚❤️  (  Complete FF)  Où les histoires vivent. Découvrez maintenant