(22) නිදහස

413 69 2
                                    

නොහිතපු විදියට උදාවුන මගේ ජීවිතේ මම ආසම දවසක් අද

වැඩ එක්ක හිරවෙලා විදපු අපි දෙන්නගේ ඒකාකාරී ජීවිතෙන් මිදිලා අපිට අපේ නිදහ විදින්න පුලුවන් වුන දවසක්

චෝයි සර් කියපු විදියට එයාට ඇත්තටම US වල කොන්සට් එකක performance එකක් තියෙනවා ඒත් ඉතින් ඒ කොන්සට් එකට දවස් පහකට විතර කලින්ම එයා අපි දෙන්නව US වලට යවන්න තීරණේ කරා

යීබෝනම් official විදියට යද්දි මට ඉතින් යන්න වුනේ හොරෙන් තමා
මොකද ඉතින් මේ පැතිරෙන කතාත් එක්ක අපි දෙන්නම එකට ගියොත් හොදට හිටි....

මගේ රසිකයින්ට මම මගේ අලුත් ඇල්බම් එකත් එක්ක කාර්යබහුල වෙලා කියලා දන්වලා මගේ තියෙන හැම වැඩක්ම කන්පැනි එකෙන් කැන්සල් කරලා තිබ්බා....

ඒත් ඉතින් නිවාඩුව ගත්තට මොකද ඇත්තටම ඇල්බම් එකේ වැඩ නිසා ඉස්සරහට මට ඩබල් මහන්සි වෙන්න වෙයි

යීබෝ උදෙන්ම මටත් කලින් us වලට පිටත් වෙද්දි මම කාගෙත් ඇස්වලට හොරෙන් මේ US වලට පියාඹලා යන ගමන්....

පැයගානකින් පස්සේ Orlando international airport එකට ප්ලේන් එක ලෑන්ඩ් කරාම එළියට ආපු ගමන්ම මේ නොදන්න මිනිස්සු දෙනෝදාහක් මැද මම හෙව්වේ මම අදුරන ඒ තියුණු ඇස් දෙක

"මගේ හා පැටියා කාවද මේ සකඹබරේ වගේ කැරකි කැරකි හොයන්නේ ම්ම්?"

කන ලගින්ම ඇහුන ඒ කට හඩ නිසා මම වෙනදා වගේ ගැස්සුන්නැ මට දැනුනේ සතුටක්
මෙච්චර වෙලාම මේ සෙනග මැද්දේ මම තනිවෙලා වගේ දැනුන හැගීම නැත්තටම නැති වෙලා ගියා

"බෝ බෝ...."

"මගේ මැණික බය වුනාද"

"අපෝ මම පොඩි එකෙක්යැ බය වෙන්න"

"ඒ වුනාට මට මගේ බනී බබානේ... කෝ දෙන්න බැගේජ් එක මම අරන් යන්නම්
තෙහෙට්ටු පාටයි මගෙ මැණිකගෙ ඇස්..."

"දොයිය මතයිනේ අනේ"

"අනේ ඉතින් මේකාගේ හුරතලේ.... හරි අපි ගිහින් හබුන් කාලා දොයියගමුකෝ හොදේ..."

එයා මාව හුරතල් කර කර මගේ හිසකෙස් අවුල් කරද්දි මාස්ක් එක දාගෙන උන්නත් එයාගේ හිනාව මම ඒ හිනාවෙන ඇස්වලින් දැක්කා...

Stay With Me 💚❤️  (  Complete FF)  Where stories live. Discover now