Chapter 1

197 19 7
                                    


රසායනාගාර පිට කබායකින් සැරසුන කඩවසම් තරුණයෙක් කඩිනමින් එහෙ මෙහෙ දිව්වේ හුඟක් කලබලයෙන්... ඔහුගේ මුහුණෙන් ගලන දාඩිය නිසාත් ඇස් වල තියෙන කලබලකාරී බවෙනුත් ඔහු නොසන්සුන් වුණ බවක් පෙනුනා...

ඔහුට මදක් දුරින් තිබුන මේසයේ තවත් තරුණියක් පරිගණකයක් සමඟ යමක් කරමින් හිටියා...

" ඇනා... "

කඩවසම් තරුණයා යමක් බලාපොරොත්තුවෙන් ඔහුට ඈතින් සිටින තරුණියන්ගෙන් විමසුවත් ඇය ඔළුව දෙපැත්තට වැනුවේ ඔහුගේ මුහුණ මලවමින්...

" මේ වතාවෙත්.. දෙවියනේ දොලොස් වෙනි වතාවටත් ඒක ෆේල්.."

කඩවසම් තරුණයා හිසකෙස් පොඩි කරමින් කෑ ගැහුවා.. ඇනා ඔහු දිහා බලන් හිටියේ ඒ බව හොඳින්ම දැනගෙන යි..

" ආයිශ් මේක තවත් බෑ... ඇයි දෙවියනේ මේක වරදින්නේ... "

ඔහු වියරුවෙන් මෙන් කෑ ගැහුවා.. ඔව්.. මේ ඔහුගේ තවත් එක් පර්යේෂණක්.. ඔහු ජාන ඉංජිනේරු විද්‍යාඥයෙක් වුනත් ඉවසීම අතින් ඔහු හිටියේ හුඟක් පහලින්...

" ජන්ග්කුකා මේ මොකද.. "

විද්‍යාගාරය ඇතුලට ආව තවත් තරුණයක්.. පොඩ්ඩක් ඉන්න ඔහුත් බොහොම කඩවසම්...  නමුත් ඔහු ජන්ග්කුක් ට වඩා තරමක් උසින් අඩුයි..

කේන්තියෙන් කෑ ගහන ජන්ග්කුක් ළඟට ගියපු ඒ අනික් කඩවසම් තරුණයා ජන්ග්කුක් ගෙන් නැවතත් ප්‍රශ්න කරා..

ඒත් ඒ ප්‍රශ්නෙට ඔහු ලැබුණේ රළු බැල්මක් විතරයි..

" ඇනා.. මේ පාරත් ෆේල් ද "

" ඔව් සර්.. "

ජන්ග්කුක් දෙසට හැරුණු අනෙක් තරුණයා ජන්ග්කුක් ගේ පිටට තට්ටුවක් දැම්මේ ලොකු හුස්මක් ගන්න ගමන්..

" ජිමිනා ඇයි බන් මටම වරදින්නේ.. "

මේ තරම් වෙලාවක් තරහින් කෑ ගහපු ජන්ග්කුක්, ජිමින් දිහා බලාගෙන කිව්වේ ලොකු කලකිරීමකින්..

" ජන්ග්කුක් ඔයාට වැරදුනේ නෑ.. ඔයා මේ පරීක්ෂණය කරන්න මේ ක්‍රමයෙන් කරන්න බෑ කියලා ඔප්පු කරපු එක විතරයි.. "

ජිමින් හිනා වෙලා කියනකොට ජන්ග්කුක් කරේ ඔළුව වනපු එක විතරයි.. කොහොමත් ජිමින්ගෙන් මේ උත්තරේ එයාට ලැබෙනවා කියන්න ජන්ග්කුක් දැනගෙන හිටියා.. මීට කලින් වැරදුනු හැම වෙලාවෙම ජිමින් කිව්වේ ඔය දේම තමයි...

 || Mystery of the Miracle Farm || ✓Where stories live. Discover now